Posts

ඊජිප්තු පිරමීඩවල කේසින් ස්ටොන්ස් | casing stones of the great pyramid

Image
අවසානාවකට මානව ශිෂ්ටාචාරයක් ගැන කතාවක් කියාපාන මේ ඓතිහාසික ස්තාන හා පුරාවස්තු විවිදාකාර බොරු වලින් වසන් කරලා තියනවා. ඒවට වෙනස්ම විදිහේ ප්‍රතිරූපයක් ආරෝපණය කරලා තියනවා. අපි වැඩියෙන්ම දකින, වැඩියෙන්ම හොයන ස්තාන වලටත් මේ දේ කරලා තියනවා.උදාහරණයක් විදිහට ඊජිප්තුවේ ගීසා වල තියන පිරමීඩ දිහා බලන්න. අපිට ඉස්කෝලෙන් උගන්නලා තියෙන්නෙ, මාධ්‍යයෙන් පෙන්නලා දෙන්නෙ මේ පිරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ පාරාවොන්ග ේ මමි තැම්පත් කරන්න කියලා. ඒත් මේ පිරමීඩ වලින් එකම එකම මමියක් මේ වෙනකන් හොයාගෙන නෑ. පීරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ වෙනම කාර්‍යක් ඉෂ්ට කරගන්න. නමුත් අවාසනාවකට ඒ මොකක්ද කියලා අපි තාම දන්නෙ නෑ. මේ ගැන විස්තර සහිතව මම කලින් කොටස් වලින් කතා කරලා තියනවා. ඉතින් මේ පිරමීඩ ගැන තියන විස්තර නම් කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක්. දවසින් දවස අලුත් දෙවල් මේ ගැන හොයාගන්නවා.ඒ වගේ තොරතුරු කිහිපයක් ගැන අපි හොයලා බලමු. මේ ගීසා වල පිරමීඩ වල පිටත ආවරනය කරලා තිබුන ගල් කුට්ටි එහෙම නැත්තම් කෙසින් ස්ටොන්ස් ගැන මම කලින් කොටස් වලින් විස්තර කරලා නෑ. මේ කෙසින් ස්ටොන්ස් නිර්මාණය කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. මේ කෙසින් ...

ග්ලොසල් පුරාවස්තු | Glozel artifacts

Image
ලෝකයේ විවිද ආකාරයේ පුරාවස්තු හා ඓතිහාසික ස්තාන පිහිටලා තියනවා. මේ සමහරක් නිර්මාණ ප්‍රධාන ධාරාව විසින් පලවෙනියට මානව ශිෂ්ටාචාරයක් බිහිඋනා කියන කාල සීමාවට විශාල අභියෝග එල්ල කරනවා. සමහර නිර්මාන අපිට හිතා ගන්න බැරි තරම් පරණයි. ඔයාලට මතක ඇති අවුරුදු 200,000ක් පරණ ටයිල් පොලවක් ගැන අපි කතා කරා. මේ වගේ සොයා ගැනීම් මගින් අපි අපේ මානව ඉතිහාසය ගැන දන්නෙ කොයිතරම් සුලු තොරතුරු ප්‍රමාණයක්ද කියලා මතක් කරලා දෙනවා. නමුත් ලෝකයේ ඉන්න විවිදාකාර ගවේශකයන් මේ ගැන තොරතුරු හොයන්න මහන්සි වෙනවා. ඔවුන් හෙමින් හෙමින් මේ පිලිබදව සාක්ෂි සාදක හොයා ගනිමින් පවතිනවා. ප්‍රධාන ධාරාව මගින් ඇතිකර විවිදාකාර බදා මැද ඔවුන් මේ තොරතුරු හොයාගන්නවා. ඒ වගේම හොයාගන්න තොරතුරු ඉදිරිපත් කරනවා. අවාසනාවකට ප්‍රධාන ධාරාව විසින් උත්සහ කරන්නෙ මේ ගවේශකයන් හොයාගන්න තොරතුරු හා ඔවුන්ගේ මතවාද වාදවිවාද කිරිමකින් තොරව හෝ බැහැර කරලා දාන්න. ප්‍රධාන ධාරාවේ මානව ඉතිහාසයට අභියෝග කරන මතවලට හා සාදක වලට ඔවුන් කිසිම ආකාරයේ ඉඩක් ලබා දෙන්නෙ නෑ. එ නිසා මේ වගේ පුරාවස්තු හා නිර්මාණ හොයා ගත්තාම වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙ නෑ. ඒ වගෙම ඔවුන් එවා කෞතුකාගාර වල ග...

තූර්කියේ ඩැරන්කුයු පොලව යට ගුහා නගරය | Derinkuyu Underground City in Turkey in Turkey

Image
  ඔයාලා අහල තියනවද නැත්තම් දැකලා තියනවද තූර්කියේ තියන ඩැරන්කුයු කියන ගුහා සංකීර්ණය ගැන. මේ ඓතිහාසික ස්තානය ගැන නොවිසදුන අභිරහස් ගොඩක් ඉතුරු වෙලා තියනවා. මේ ගුහා සංකිර්ණය නිර්මාණය කරලා තියෙන්නෙ පොලව යටට හාරලා. මේ ස්තානය ඉතා විශාල ගුහා සංකිර්ණයක්. මේ ස්තානය නිර්මාණය කරලා තියෙන්නෙ මහා ව්‍යසනයකින් ආරක්ෂා වෙන්න ද? තවත් විශේෂ කාරණයක් තමයි ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකිර්ණය පිහිටලා තියෙන්නෙත් තූර්කියේමයි. ඒ වගෙම මේ ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකීර්ණය හිතා මතාම ආරක්ෂා කිරිම සදහා පස් හා ගල් වලින් වහලා දාලා තියනවා. හරියට ටයිම් කැප්සුල් වගේ. අනාගත පරපුරට යම්කිසි පණිවිඩයක් මේ මගින් ලබා දෙනවා. ඉතින් මේ ගොබෙක්ලි ටෙපේ හා ඩැරන්කුයු ගුහා සංකිර්ණය අතර සම්බන්ද තාවයක් තියනවද? මේ ගුහා සංකිර්ණය දිහා බලද්දි පැහැදිලිවම පෙනවා ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන මේ නිර්මාණය සිද්ද කරලා තියනවා කියලා. බලන්න පාෂාණ හාරලා මේ නිර්මාණ සිද්ද කරලා තියන ආකාරය. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේ ඩැරන්කුයු ගුහා සංකිර්ණය හොයාගෙන තියෙන්නෙ අහම්බෙන්. මෑත කාලය වෙනකම්ම කවුරුවත් මේ ගුහා සංකිර්ණය ගැන දැනගෙන ඉදලා නෑ. විවිද මතවාද මේ ස්තානය ග...

කවේ ඩි කුසා | Cave Di Cusa යුරෝපයේ ජිවත් උන පැරණි ශිෂ්ටාචාරයක විස්කම් | Ancient Civilizations

Image
මේ වගේ ප්‍රාග් ඓතිහාසික ගල් නිර්මාණ හා තඹ පතල් ඇමරිකාවේ මාහා විල් ආසන්න කරගෙන නිර්මානය කරලා තියනවා. මේවා වල කාල සීමාව ඉතා ඈත අතීතයට දිව යනවා. මේ වගෙ ස්තාන නූතන කාලයේ ගවේෂකයන්ගේ අධ්‍යන කටයුතු වලට අවදානය යොමු වෙලා තියනවා. නමුත් මේ කවේ ඩි කුසා කියන ස්තානය නම් ඒ වගේ වැඩිදුර අධ්‍යන කටයුතුවලට ලක් නොවුනු, නමුත් අරුම පුදුම ඓතිහාසික ස්තානයක්. මේ ස්තානය පිහිටලා තියෙන්නෙ ඉතාලිය ේ ට්‍රාපනි පාලාත ේ කැම්පොබෙලා ඩි මසාරා කියන නගරයේ ඉදලා කිලෝමීටර 3ක් දකුණට වෙන්න. මේ ගල් නිර්මාණ වලින් පිරුණු ස්තානය කිලෝමීටර 1.8ක් දක්වා දුරකට විහිදිලා තියනවා. මේ නිර්මාණ නැගෙනහිර සිට බටහිර දෙසට විහිදෙන ස්වභාවික කදුවැටියක පිහිටලා තියනවා. ප්‍රධාන ධාරාවට අනුව මේ ගල් වල ආරම්භවෙලා තියෙන්නෙ ක්‍රි.පූ. 6වෙනි සියවසෙ මුල භාගයේදි. නමුත් යම්කිසි හෙතුවක් නිසා අතහැරලා දාපු මේ සිලින්ඩරාකාර විශාල ගල් කුට්ටි මේ ස්තානය පුරාවට තියනවා. මේ නිර්මාණ දිහා හොදින් බලන්න. අවුරුදු දහස් ගණනාවක් ඛාදනය ලක් වෙලා තිබුනත්, මේ නිර්මාණ වල තියන විශ්මය නම් අඩුවෙලා නෑ. බැලු බැල්මටම පෙන දෙයක් තමයි ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන, මේ නිර්මාණ සිද්ද කරලා තියනව...

අස්වාන් ගල් වල | Aswan quarry | පැරණි ඊජිප්තු වැසියන් පාෂාණ මෙලෙක් කලාද? | Egypt Ancient Civilizations

Image
පුදුමාකාර ඒ වගෙම අභිරහස් තොරතුරු හොයාගන්න පුලුවන් තැන් විදිහට, මේ පුරාණ ගල් වැඩ සිද්ද කරපු ස්තාන හා ගල් වලවල් හදුන්වා දෙන්න පුලුවන්. මේ ස්තාන වලින් පහසුවෙන්ම හොයාගන්න පුලුවන් ලක්ෂණ තමයි, යම්කිසි ආකාරයක දියුණු තාක්ෂණික උපකරණ යොදාගෙන මේ පාෂාණ කුට්ටි කාපා වෙන් කරලා තියනවා, හැඩ කරලා තියනවා ඒ වගෙම වෙනත් ස්තාන වලට ප්‍රවාහණය කරලා තියනවා. මේ ගල් නිර්මාණ වල තියන කැපුම් පාරවල් ඒ වගෙම ටුල් මාක්ස් ඇත්තටම පුදුමාකාරයි. ලෝකයේ විවිද ස්තාන වල තියන ගල් නිර්මාණ වල ඒ වගෙම ගල් වලවල් වල මේ ආකාරයේ සාමාන කම් නිරික්ෂණය කරන්න පුලුවන්. මේ සදහා හොදම උදාහරණයක් තමයි ඊජීප්තුවේ තියන අස්වාන් ගල්වල . මේ ස්තානයේ භාගෙට නිර්මාණය කරන ලද විශාල ගල් කණුවක් ඔයාලාට බලාගන්න පුලුවන් බලා ගන්න පුලුවන්. විශාල තනි පාෂාණයකින් මේ ආකාරයට මේ නිර්මාණය සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි නේද? මේ කැපුම් පාරවල් හොදින් නිරික්ෂණය කරලා බලන්න. හරියට නිකන් හැන්දකින් හාරාලා ගත්තා වගේ නේද? මේ විදිහට හාරලා තියන මේ පාෂාණය රෝස් ග්‍රැනයිට් පාෂාණයක්. ඉතා දෘඩ පාෂාණයක්. ඒ වගෙම මේ භාගෙට නිම කරන ලද ගල්කණුව ටොන් 1,200ක් පමණ බරයි. මේ පාෂාණය කපපු අකා...

ප්ලැනිස්ෆියර් මැටි පුවරුව | Planisphere clay tablet වසර 6,000කටත් කලින් සුමේරියන්වරුන්ගේ ආකාශ වස්තු නිරික්ෂණය | Over 6,000 years old Sumerian clay tablets

Image
  K8538 කියන නම යටතේ මේ පුරාවස්තුව බ්‍රතාන්‍ය කෞතුකාගරයේ සුරක්ෂිතාගාරයේ ඉතා දිර්ඝකාලයක් තිබිලා තියනවා. මේ පුරාණ මැටි පුවරුව ප්ලැනිස්ෆියර් ක්ලේ ටැබ්ලට් විදිහට හදුන්වලා තියනවා. පසු කාලීනව පරිවර්තනය කල මේ පුරාණ මැටි පුවරුව මගින් අරුම පුදුම විස්තරයක් කියවෙනවා. මේ මැටි පුවරුවෙන් අපේ ග්‍රහලෝකයට සිද්ද වෙන උල්කාපාත ගැටිමක් ගැන සදහන් කරලා තියනවා. 19නි සියවසෙදි සර් හෙන්රි ලෙයාඩ් විසින් ඉරාකයේ මොසවුල් නුවර පැරණි නිනෙවා නගරයේ තිබුණ පුරාණ අශුර්බනිපාල් පුස්තකාලයේ සිද්ද කරන ලද කැනීම් කටයුතු වලින් මේ මැටිපුවරුව හා තවත් මැටි පුවරු විශාල ප්‍රමාණයක් හොයාගෙන තියනවා. මේ සුමේරියන් මැටි පුවරු ගැන කලින් කොටසකින් කතා කරා ඔයාලට මතකත් ඇති. ඒ කොටස බැලුවෙ නැත්තම් අනිවාර්‍යෙන්ම බලන්න. ඔයාලට තවත් ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න පුලුවන්. ඉතා දිර්ග පරික්ෂණ කටයුතු වලින් පස්සෙ විශේෂඥයන් හොයාගෙන තියනවා මේ මැටි පුවරුවෙන් 50%ක්ම විස්තර කරන්නෙ කාලගුණ බලපෑම් හා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන ග්‍රහලෝකව පිහිටිම් ගැන කියලා. අනිත් 50% විස්තර කරන්නෙ මේ මැටි පුවරුව නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් නිරික්ෂණය කරන ලද අභ්‍යවකාශයේ ගමන්...

ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt

Image
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ අත්භූත පුරාවස්තුව " ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක් " කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා. මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන ක...