තූර්කියේ ඩැරන්කුයු පොලව යට ගුහා නගරය | Derinkuyu Underground City in Turkey in Turkey
ඔයාලා අහල තියනවද නැත්තම් දැකලා තියනවද තූර්කියේ තියන ඩැරන්කුයු කියන ගුහා සංකීර්ණය ගැන. මේ ඓතිහාසික ස්තානය ගැන නොවිසදුන අභිරහස් ගොඩක් ඉතුරු වෙලා තියනවා. මේ ගුහා සංකිර්ණය නිර්මාණය කරලා තියෙන්නෙ පොලව යටට හාරලා. මේ ස්තානය ඉතා විශාල ගුහා සංකිර්ණයක්. මේ ස්තානය නිර්මාණය කරලා තියෙන්නෙ මහා ව්‍යසනයකින් ආරක්ෂා වෙන්න ද? තවත් විශේෂ කාරණයක් තමයි ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකිර්ණය පිහිටලා තියෙන්නෙත් තූර්කියේමයි. ඒ වගෙම මේ ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකීර්ණය හිතා මතාම ආරක්ෂා කිරිම සදහා පස් හා ගල් වලින් වහලා දාලා තියනවා. හරියට ටයිම් කැප්සුල් වගේ. අනාගත පරපුරට යම්කිසි පණිවිඩයක් මේ මගින් ලබා දෙනවා. ඉතින් මේ ගොබෙක්ලි ටෙපේ හා ඩැරන්කුයු ගුහා සංකිර්ණය අතර සම්බන්ද තාවයක් තියනවද? මේ ගුහා සංකිර්ණය දිහා බලද්දි පැහැදිලිවම පෙනවා ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන මේ නිර්මාණය සිද්ද කරලා තියනවා කියලා. බලන්න පාෂාණ හාරලා මේ නිර්මාණ සිද්ද කරලා තියන ආකාරය. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේ ඩැරන්කුයු ගුහා සංකිර්ණය හොයාගෙන තියෙන්නෙ අහම්බෙන්. මෑත කාලය වෙනකම්ම කවුරුවත් මේ ගුහා සංකිර්ණය ගැන දැනගෙන ඉදලා නෑ. විවිද මතවාද මේ ස්තානය ගැන ගොඩනැගිලා තියනවා. නමුත් අවාසනාවකට මේ ස්තාන දැන් ක්‍රමක් ක්‍රමයෙන් විනාශ මුඛයට පත්වෙමින් තියනවා. විශේෂයෙන්ම ඛාදනයට ලක්විම නිසා මේ නිසා මේ ස්තානය කොච්චරක් කල් පරණයිද නිර්ණය කරන්න අපහසු වෙලා තියනවා. නමුත් බොහොදෙනා විශ්වාස කරන්නෙ මේ නිර්මාන බසෙන්ටින් යුගයට අයත් කියලා. මේ නිර්මාණ වල ආරක්ෂා වෙලා තියන කැපුම් පාරවල්, ලෝකයේ තියන වෙනත් නිර්මාණය කල කාල සීමාව හදුනගෙන තියන ගල් නිර්මාණ වල කැපුම් පාරවල් වලට, සමාන කම් පෙන්නුම් කරනවා. ලෝකඩ යුගයේ උපකණ වලින් මේ ආකාරයේ සංකිර්ණ නිර්මාණ සිද්ද කරන්න පුලුවන්ද? පිරමීඩ වල ගල් කුට්ටි, ලෝකඩ ගල් කටුවලින් නිර්මාණය කරා කියලා ප්‍රධාන ධාරාව කියන විදිහටම මේ ස්තාන වලත් නිර්මාණ සිද්ද කරාද? එක කොයිතරම් ප්‍රායෝගික පැහැදිලි කීරිමක් ද? මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here




Comments
Post a Comment