කවේ ඩි කුසා | Cave Di Cusa යුරෝපයේ ජිවත් උන පැරණි ශිෂ්ටාචාරයක විස්කම් | Ancient Civilizations
මේ වගේ ප්‍රාග් ඓතිහාසික ගල් නිර්මාණ හා තඹ පතල් ඇමරිකාවේ මාහා විල් ආසන්න කරගෙන නිර්මානය කරලා තියනවා. මේවා වල කාල සීමාව ඉතා ඈත අතීතයට දිව යනවා. මේ වගෙ ස්තාන නූතන කාලයේ ගවේෂකයන්ගේ අධ්‍යන කටයුතු වලට අවදානය යොමු වෙලා තියනවා. නමුත් මේ කවේ ඩි කුසා කියන ස්තානය නම් ඒ වගේ වැඩිදුර අධ්‍යන කටයුතුවලට ලක් නොවුනු, නමුත් අරුම පුදුම ඓතිහාසික ස්තානයක්. මේ ස්තානය පිහිටලා තියෙන්නෙ ඉතාලිය ේ ට්‍රාපනි පාලාත ේ කැම්පොබෙලා ඩි මසාරා කියන නගරයේ ඉදලා කිලෝමීටර 3ක් දකුණට වෙන්න. මේ ගල් නිර්මාණ වලින් පිරුණු ස්තානය කිලෝමීටර 1.8ක් දක්වා දුරකට විහිදිලා තියනවා. මේ නිර්මාණ නැගෙනහිර සිට බටහිර දෙසට විහිදෙන ස්වභාවික කදුවැටියක පිහිටලා තියනවා. ප්‍රධාන ධාරාවට අනුව මේ ගල් වල ආරම්භවෙලා තියෙන්නෙ ක්‍රි.පූ. 6වෙනි සියවසෙ මුල භාගයේදි. නමුත් යම්කිසි හෙතුවක් නිසා අතහැරලා දාපු මේ සිලින්ඩරාකාර විශාල ගල් කුට්ටි මේ ස්තානය පුරාවට තියනවා. මේ නිර්මාණ දිහා හොදින් බලන්න. අවුරුදු දහස් ගණනාවක් ඛාදනය ලක් වෙලා තිබුනත්, මේ නිර්මාණ වල තියන විශ්මය නම් අඩුවෙලා නෑ. බැලු බැල්මටම පෙන දෙයක් තමයි ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන, මේ නිර්මාණ සිද්ද කරලා තියනව...