තූර්කියේ ඩැරන්කුයු පොලව යට ගුහා නගරය | Derinkuyu Underground City in Turkey in Turkey
ඔයාලා අහල තියනවද නැත්තම් දැකලා තියනවද තූර්කියේ තියන ඩැරන්කුයු කියන ගුහා සංකීර්ණය ගැන. මේ ඓතිහාසික ස්තානය ගැන නොවිසදුන අභිරහස් ගොඩක් ඉතුරු වෙලා තියනවා. මේ ගුහා සංකිර්ණය නිර්මාණය කරලා තියෙන්නෙ පොලව යටට හාරලා. මේ ස්තානය ඉතා විශාල ගුහා සංකිර්ණයක්. මේ ස්තානය නිර්මාණය කරලා තියෙන්නෙ මහා ව්‍යසනයකින් ආරක්ෂා වෙන්න ද? තවත් විශේෂ කාරණයක් තමයි ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකිර්ණය පිහිටලා තියෙන්නෙත් තූර්කියේමයි. ඒ වගෙම මේ ගොබෙක්ලි ටෙපෙ නටබුන් සංකීර්ණය හිතා මතාම ආරක්ෂා කිරිම සදහා පස් හා ගල් වලින් වහලා දාලා තියනවා. හරියට ටයිම් කැප්සුල් වගේ. අනාගත පරපුරට යම්කිසි පණිවිඩයක් මේ මගින් ලබා දෙනවා. ඉතින් මේ ගොබෙක්ලි ටෙපේ හා ඩැරන්කුයු ගුහා සංකිර්ණය අතර සම්බන්ද තාවයක් තියනවද? මේ ගුහා සංකිර්ණය දිහා බලද්දි පැහැදිලිවම පෙනවා ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන මේ නිර්මාණය සිද්ද කරලා තියනවා කියලා. බලන්න පාෂාණ හාරලා මේ නිර්මාණ සිද්ද කරලා තියන ආකාරය. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේ ඩැරන්කුයු ගුහා සංකිර්ණය හොයාගෙන තියෙන්නෙ අහම්බෙන්. මෑත කාලය වෙනකම්ම කවුරුවත් මේ ගුහා සංකිර්ණය ගැන දැනගෙන ඉදලා නෑ. විවිද මතවාද මේ ස්තානය ග...