වටිනා ඉතිහාසයක් සහිත ඉරාකය | Iraq the home of civilizations
මානව ඉතිහාසය ගැන කතා කරද්දි, ඉරාකය ඉතා විශේෂ ස්තානයක් හිමිකරගෙන තියනවා. ඒකට හෙතුව තමයි ඉරාකය සුමේරියන්වරුන්ට , ඇසිරියන්වරුන්ට ඒ වගෙම බැබිලොනියන්වරුන්ට නිවහන වෙලා තිබිලා තියනවා. හිතලා බලන්න. නූතන ඉරාකය තමයි ලෝකයේ වාර්තා ගත වෙලා තියන පැරණිම මානව ශිෂ්ටාචාරය වෙන, සුමේරියන් ශිෂ්ටාචාරයට වාසස්තානය වෙලා තිබිලා තියෙන්නෙ. අපි මේ සුමේරියන්වරු ගැන කලින් කොටස් වලිනුත් කතා කරලා තියනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද පුදුම හිතෙන, මැටි ලේඛන පුවරු ගැන, අපි කතා කරා ඔයාලට මතකත් ඇති. ඇත්තට ඔවුන් මොනවද, මේ මැටි පුවරු වලින් පෙන්නුම් කරන්නෙ? මේ මැටි පුවරු මගින් ඔවුන්ගේ දැනුම, ඉතා ඉහල තැනක තිබ්බා කියලා අපිට පෙන්නලා දෙනවා. ඒ වගෙම, අවුරුදු දහස් ගනනකට කලින්, සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔවුන්ට තිබ්බ දැනුම ගැන, අපිට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. උදාහරයක් විදිහට මේ solar system tablet කියන මැටි පුවරුව, විශාල වශයෙන් වාද විවාද වලට ලක්වෙන මාතෘකාවක්. ඇත්තටම, අවුරුදු 6,000කට කලින් ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගෙන ඉදලා තියනවද? සියලුම ග්‍රහලෝක සූර්‍යයා වටා ගමන් කරනවා කියලා? සුමේරියන්වරුන්ට අවුරුදු 5,000කට පස්සේ, කොපර්නිකස් විස...