ප්ලැනිස්ෆියර් මැටි පුවරුව | Planisphere clay tablet වසර 6,000කටත් කලින් සුමේරියන්වරුන්ගේ ආකාශ වස්තු නිරික්ෂණය | Over 6,000 years old Sumerian clay tablets

 

K8538 කියන නම යටතේ මේ පුරාවස්තුව බ්‍රතාන්‍ය කෞතුකාගරයේ සුරක්ෂිතාගාරයේ ඉතා දිර්ඝකාලයක් තිබිලා තියනවා. මේ පුරාණ මැටි පුවරුව ප්ලැනිස්ෆියර් ක්ලේ ටැබ්ලට් විදිහට හදුන්වලා තියනවා. පසු කාලීනව පරිවර්තනය කල මේ පුරාණ මැටි පුවරුව මගින් අරුම පුදුම විස්තරයක් කියවෙනවා. මේ මැටි පුවරුවෙන් අපේ ග්‍රහලෝකයට සිද්ද වෙන උල්කාපාත ගැටිමක් ගැන සදහන් කරලා තියනවා.
19නි සියවසෙදි සර් හෙන්රි ලෙයාඩ් විසින් ඉරාකයේ මොසවුල් නුවර පැරණි නිනෙවා නගරයේ තිබුණ පුරාණ අශුර්බනිපාල් පුස්තකාලයේ සිද්ද කරන ලද කැනීම් කටයුතු වලින් මේ මැටිපුවරුව හා තවත් මැටි පුවරු විශාල ප්‍රමාණයක් හොයාගෙන තියනවා. මේ සුමේරියන් මැටි පුවරු ගැන කලින් කොටසකින් කතා කරා ඔයාලට මතකත් ඇති. ඒ කොටස බැලුවෙ නැත්තම් අනිවාර්‍යෙන්ම බලන්න. ඔයාලට තවත් ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න පුලුවන්.
ඉතා දිර්ග පරික්ෂණ කටයුතු වලින් පස්සෙ විශේෂඥයන් හොයාගෙන තියනවා මේ මැටි පුවරුවෙන් 50%ක්ම විස්තර කරන්නෙ කාලගුණ බලපෑම් හා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන ග්‍රහලෝකව පිහිටිම් ගැන කියලා. අනිත් 50% විස්තර කරන්නෙ මේ මැටි පුවරුව නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් නිරික්ෂණය කරන ලද අභ්‍යවකාශයේ ගමන් කරන විශාල වස්තුවක් පිලිබදවයි. නිරික්ෂකයා විසින් මේ වස්තුව පෘතුවිය දෙසට ගමන් කරන ආකාරය හා පෘතුවිය සමග ගැටිමට ඇති හැකියාව වාර්තා කරලා තියනවා.
මේ පුරාණ මැටි පුවරුව නිරික්ෂණය කරපු මේ විශේෂඥයන් සදහන් කරනවා මේ මැටි පුවරුව නිර්මාණය කරන ලද සුමේරියන් නිරික්ෂකයා මේ සිදුවිම ඉතා වැදගත් ලෙස සලකලා තියනවා කියලා. ඔහු විසින් ඉතා විශාල පරිශ්‍රමයක් දරලා තියනවා මේ අභ්‍යවකාශයේ ගමන් කරන වස්තුවෙ පිහිටිම නිවැරදිව දක්වන්න. ඔහු විසින් අහසේ තියන තරු වල පිහිටිම යොදාගෙන මේ වස්තුවෙ ප්‍රක්ශිප්තය නිවැරදිව සටහන් කරලා තියනවා.
තවදුරටත් විශේෂඥයන් සදහන් කරනවා මේ වස්තුව පිලිබදව මැටිපුවරුවේ සදහන් කරලා තියන ආකාරය කොච්චර නිරවද්‍යද කියලා කිව්වොත් මේ තොරතුරු මගින් ඔවුන් මේ උල්කාපාතය හරියටම මොකක්ද කියලා හදුනාගෙන තියනවා. මේ සුමේරියන් නිරික්ෂකයා විසින් නිරික්ෂණය කරලා තියන වස්තුව ඔස්ට්‍රියාවේ ක්‍රොෆෙල්ස් වලට පතිත උන උල්කාපාතය කියලා හදුනගෙන තියනවා.
මේ මැටි පුවරුව සාර්තකව පරිවර්තනය කරපු පුරාණ සුමේරියන් මැටි පුවරු වලට හොදම උදාහරණයක්. බලන්න අවුරුදු දහස් ගණනාවකට කලින් ජිවත් උන මිනිසුන් විසින් අනාගතයේ සිද්ද වෙන්න පුලුවන් සිදුවිම් ගැන අධ්‍යනය කරලා ඒ ගැන අනාගත පරපුරට දැන ගන්න මේ ආකාරයට සදහන් කරලා තියන ආකාරය ඇත්තටම පුදුමයි නේද? දුරදක්නය හොයාගන්න අවුරුදු දහස් ගනනාවකට කලින් ඔවුන් කොහොමද අහසේ තියන වස්තුන් මේ අකාරයට නිවැරදිව නිරික්ෂණය කරලා තියෙන්නෙ? මොනවගේ තාක්ෂණයක් ඔවුන්ට තිබිලා ඇද්ද? තව මොනවගේ තොරතුරු මේ මැටි පුවරු වල සදහන් වෙලා ඇද්ද? මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)