Posts

Showing posts with the label ඊජිප්තුව

ඊජිප්තුවේ හීලියොපලිස් වල විශාල ගල් කණුව | Heliopolis obelisk

Image
පැරණි ඊජිප්තුව කියන්නෙ ඇත්තටම විශ්මය ජනක ස්තානයක්. උදාහරණයක් විදිහට පැරණිම දැනටත් ආරක්ෂා වෙලා තියන ගල් කණුවක් විදිහට හදුන්වලා දෙන්න පුලුවන් මේ හිලියොපලොස් වල තියන විශාල ගල් කණුව . මේ ගල් කණුව කපා නිර්මාණය කරලා තියන ආකාරය, මේ ස්තානයට රැගෙන ඇවිත් තියන ආකාරය හා මේ ආකාරයට ඔසවලා තියන විදිහ ඇත්තටම පුදුමාකාරයි. කුමන කාලයක මේ සිදුවීම සිද්ද උනාද කියලා තාම හරියටම හදුනාගෙන නෑ. මේ ගල් කණුව මිටර් 20ක් උසයි. ඒ වගෙම ටොන් 121ක් බරයි. හිතලා බලන්න මොනවගේ දියුණු තාක්ෂණයක් යොදාගන්න ඇත්ද මේ නිර්මාණ සිද්ද කරන්න. මේ විතරක් නෙමෙයි අපිට මේ පුදුමාකාර ඊජිප්තුවේ නරබන්න තියෙන්නෙ. තවත් නිර්මාණ ගොඩාක් තියනවා මේ ආකාරයට කුතුහලය අවුස්සන. තවත් උදාහරණයක් තමයි මේ කොලොසි ඔෆ් මෙම්නොන් කියන විශාල ප්‍රතිමා දෙක. මේ ප්‍රතිමා දෙක නිර්මානය කරලා තියෙන්නෙ තනි පාෂාණයකින්. ඔයාලට මතකත් ඇති මේ ප්‍රතිමා ගැන මම කලින් කතා කරපු කොටස. මේ එක ප්‍රතිමාවක් ටොන් 600ත් 1000ත් අතර බරකින් යුක්ත වෙනවා. හිතලා බලන්න ප්‍රධාන ධාරාවට අනුව ජිවත් උන මානව ශිෂ්ටාචාර වලට පුලුවන්ද මේ ආකාරයේ නිර්මාණ සිද්ද කරන්න? මේ ස්තානවලට ප්‍රවාහනය කරන්න. මේ විදිහට ස්ත...

ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt

Image
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ අත්භූත පුරාවස්තුව " ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක් " කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා. මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන ක...