ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ අත්භූත පුරාවස්තුව " ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක් " කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා. මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන ක...