Posts

Showing posts with the label ඉරාකය

වටිනා ඉතිහාසයක් සහිත ඉරාකය | Iraq the home of civilizations

Image
මානව ඉතිහාසය ගැන කතා කරද්දි, ඉරාකය ඉතා විශේෂ ස්තානයක් හිමිකරගෙන තියනවා. ඒකට හෙතුව තමයි ඉරාකය සුමේරියන්වරුන්ට , ඇසිරියන්වරුන්ට ඒ වගෙම බැබිලොනියන්වරුන්ට නිවහන වෙලා තිබිලා තියනවා. හිතලා බලන්න. නූතන ඉරාකය තමයි ලෝකයේ වාර්තා ගත වෙලා තියන පැරණිම මානව ශිෂ්ටාචාරය වෙන, සුමේරියන් ශිෂ්ටාචාරයට වාසස්තානය වෙලා තිබිලා තියෙන්නෙ. අපි මේ සුමේරියන්වරු ගැන කලින් කොටස් වලිනුත් කතා කරලා තියනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද පුදුම හිතෙන, මැටි ලේඛන පුවරු ගැන, අපි කතා කරා ඔයාලට මතකත් ඇති. ඇත්තට ඔවුන් මොනවද, මේ මැටි පුවරු වලින් පෙන්නුම් කරන්නෙ? මේ මැටි පුවරු මගින් ඔවුන්ගේ දැනුම, ඉතා ඉහල තැනක තිබ්බා කියලා අපිට පෙන්නලා දෙනවා. ඒ වගෙම, අවුරුදු දහස් ගනනකට කලින්, සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔවුන්ට තිබ්බ දැනුම ගැන, අපිට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. උදාහරයක් විදිහට මේ solar system tablet කියන මැටි පුවරුව, විශාල වශයෙන් වාද විවාද වලට ලක්වෙන මාතෘකාවක්. ඇත්තටම, අවුරුදු 6,000කට කලින් ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගෙන ඉදලා තියනවද? සියලුම ග්‍රහලෝක සූර්‍ය‍යා වටා ගමන් කරනවා කියලා? සුමේරියන්වරුන්ට අවුරුදු 5,000කට පස්සේ, කොපර්නිකස් විස...

ඉරාකයෙන් හමුවුන වසර 3,400ක් පරණ නගරයක නටබුන් | 3400 year old ancient palace found in Iraq reservoir

Image
බලන්න අවුරුදු කිහිපයකට කලින් හොයා ගත්ත මේ අරුම පුදුම ස්තානය දිහා. සමහර විට ඔයලා ප්‍රවෘත්ති වලින් කලින් දැකලත් ඇති. මේ පැරණි මාලිගාවක නටබුන් හොයාගෙන තියෙන්නෙ ඉරාකය ේ මොසුල් නුවරින්. මේ පැරණි නටබුන් අවුරුදු 3,400ක් පමණ පැරණි කියලා හොයාගෙන තියනවා. පුදුම හිතෙන කාරණය තමයි මේ නටබුන් හොයා ගෙන තියෙන්නෙ ටයිග්‍රිස් ගංගාවට යටවෙලා තිබිලා. මෑත කාලයේදි ඇතිවෙලා තියන දරුණු නියගය නිසා මේ ගංගාවේ ජල මට්ටම අඩුවෙන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ පැරණි මාලිගාවක කියලා සැලකෙන නටබුන් මතුවෙන්න පටන් අරන් තියෙන්නෙ. මේ පැරණි නටබුන් වල වටිනා කම කියලා නිමකරන්න බැරි තරම් වටිනවා. මොකද මේ නටබුන් වලින් අපේ නූතන මානව ශිෂ්ටාචාරය ඉස්සරහාම හැංගිලා තියන, අපි නොදන්න, අපේ මානව ඉතිහාසය ගැන කරුණු කාරනා අපිට කියලා දෙනවා. මේ සොයාගැනම තවත් වැදගත් වෙන්න හෙතුවක් තමයි මේ නටබුන් පිහිටලා තියෙන්නෙ මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල විදිහට සැලකෙන යුෆ්රෙටිස් හා ටයිග්‍රිස් ගංගා නිම්න දෙක අතර මැද ප්‍රදේශයේ වීම. ඒ කියන්නෙ මේසොපොටෙමියා ප්‍රදේශය. ඒ වගෙම බයිබලයෙත් මේ මේසෝපොටෙමියාව ගැන සදහන් වෙලා තියනවා. මේ මේසොපොටෙමියාව කියන්නෙ අපේ මානව ඉතිහාසය ගැන ඉතා ...