ඉරාකයෙන් හමුවුන වසර 3,400ක් පරණ නගරයක නටබුන් | 3400 year old ancient palace found in Iraq reservoir

බලන්න අවුරුදු කිහිපයකට කලින් හොයා ගත්ත මේ අරුම පුදුම ස්තානය දිහා. සමහර විට ඔයලා ප්‍රවෘත්ති වලින් කලින් දැකලත් ඇති. මේ පැරණි මාලිගාවක නටබුන් හොයාගෙන තියෙන්නෙ ඉරාකයමොසුල් නුවරින්. මේ පැරණි නටබුන් අවුරුදු 3,400ක් පමණ පැරණි කියලා හොයාගෙන තියනවා. පුදුම හිතෙන කාරණය තමයි මේ නටබුන් හොයා ගෙන තියෙන්නෙ ටයිග්‍රිස් ගංගාවට යටවෙලා තිබිලා. මෑත කාලයේදි ඇතිවෙලා තියන දරුණු නියගය නිසා මේ ගංගාවේ ජල මට්ටම අඩුවෙන්න පටන් ගත්තට පස්සෙ තමයි මේ පැරණි මාලිගාවක කියලා සැලකෙන නටබුන් මතුවෙන්න පටන් අරන් තියෙන්නෙ.
මේ පැරණි නටබුන් වල වටිනා කම කියලා නිමකරන්න බැරි තරම් වටිනවා. මොකද මේ නටබුන් වලින් අපේ නූතන මානව ශිෂ්ටාචාරය ඉස්සරහාම හැංගිලා තියන, අපි නොදන්න, අපේ මානව ඉතිහාසය ගැන කරුණු කාරනා අපිට කියලා දෙනවා. මේ සොයාගැනම තවත් වැදගත් වෙන්න හෙතුවක් තමයි මේ නටබුන් පිහිටලා තියෙන්නෙ මානව ශිෂ්ටාචාරයේ තොටිල්ල විදිහට සැලකෙන යුෆ්රෙටිස් හා ටයිග්‍රිස් ගංගා නිම්න දෙක අතර මැද ප්‍රදේශයේ වීම. ඒ කියන්නෙ මේසොපොටෙමියා ප්‍රදේශය. ඒ වගෙම බයිබලයෙත් මේ මේසෝපොටෙමියාව ගැන සදහන් වෙලා තියනවා.
මේ මේසොපොටෙමියාව කියන්නෙ අපේ මානව ඉතිහාසය ගැන ඉතා වැදගත්, ඓතිහාසික කරුණු කාරණා රාශියක් හොයාගෙන තියන, ඒ වගෙම තවත් තොරතුරු හොයාගන්න තියන, පුරාවිද්‍යත්මක වශයෙන් අභිරහස් ගොඩාක් පිරිලා තියන, නමුත් විවිදාකාර හෙතු කාරනා රාශියක් නිසා, පිටස්තරයන්ට ගවේශනය කරන්න වගෙම, අධ්‍යනය කරන්න අසීරු ප්‍රදේශයක්.
මේ බයිබලය හා සම්බන්ද පැරණි නගර ගැන කතා කරද්දි පුදුම හිතෙන කාරනයක් තමයි, නූතන කාලයේ මේ නගර පිහිටලා තියන ස්තාන හිබෘ බයිබලයේ හා බයිබලයේ පැරණි ඇස්තමේන්තුවේ, ඒ වගෙම කූරාණයෙත් සදහන් වෙලා තියනවා. මේ ලැයිස්තුවට ඉරාකය, ඉරාණය, ඊශ්‍රයලය, පලස්තිනය, සෞදි ආරාබිය, යේමනය, සුඩානය, ඊජිප්තුව, ජොර්දානය, සිරියාව, ලෙබනනය හා අපේ ශ්‍රී ලංකාව වගෙම තවත් ගොඩක් රටවල් වල ස්තාන ගැනත්, සදහන් වෙලා තියනවා. ඉතින් ඔයාලා දැන ගෙන හිටියද, අපේ රට ගැනත් විස්තර මේ විදිහට සදහන් වෙලා තියනවා කියලා? පුදුමයි නේද? මේ ගැනත් අපි වෙනම කොටසකින් තොරතුරු හොයලා බලමු. මේ දිහා බලද්දි ඔයාලට පෙනවා ඇති ලෝකය පුරාවට, පුලුල්ව පැතිරිලා ගිය, පැරණි මානව ශිෂ්ටාචාරයක් පැවතිලා තිබිලා තියනවා කියලා. ඒ වගෙම, අද අපිට කාන්තාර විදිහට දිස්වෙන ස්තාන අතීතයේ, ගහකොල, ඇලදොල ගංගා හා සතා සිව්පාවන්ගෙන් පිරුණ, සශ්‍රික භූමි ප්‍රදේශයක් විදිහට පැවතිලා තිබිලා තියනවා. නමුත් දැන්, කාලයේ වැලි තාලාවෙන් වැහිලා ගිහින් තියනවා. මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)