මොරේ | Moray Peru පුරාණ ශිෂ්ටාචාරයක කෘෂි පර්යේෂණාගාරය | Ancient Agriculture In South America
පැරණි ශිෂ්ටාචාර ගැන ප්‍රධාන ධාරාව සතුව තියෙන්නෙ ප්‍රාතමික අදහසක්. විවිදාකාර නිර්මාණ මගින් මේ ශිෂ්ටචාරවල දියුණු තාක්ෂණික දැනුම ලෝකෙට කියා පානවා. නමුත් ප්‍රධාන ධාරාව මේ පිලිබදව ඒ තරම් උනන්දුවක් දක්වන්නෙ නෑ. නමුත් නූතන කාලයේ ස්වාදින ගවේශකයන් හා විශේෂඥයන් විසින් සිද්ද කරන ලද අධ්‍යන කටයුතු වලින් මේ වගෙ ගැන ඉතා වැදගත් තොරතුරු රාශියක් හොයාගෙන තියනවා. මොරේ කියන්නෙ මේ සදහා හොදම උදාහරණයක්. මේ ඓතිහාසික නිර්මාණයෙන් මේ අතීත මානව ශිෂ්ටාචරව වලට කොතරම් ඉහල දැනුමක් තිබුනද ප්‍රදර්ශනය කරනවා. මේ පඩිපෙල් ආකාර නිර්මාණ ඔලන්ටෙටොම්බො වලත් දැක ගන්න පුලුවන්. කාට හරි හිතෙන්න පුලුවන් මොනවද මේ විශාල පඩිපෙල් කියලා. යොදයන් විසින් නිර්මාණය කරපු පඩි පෙල්ද කියලා. මොරේ කියන්නෙ වෘත්තාකාර පඩි ආකාරයට සිද්ද කරන ලද නිර්මාණයක්. මේ ස්තානය යොදාගෙන තියෙන්නෙ විවිද ආකාරයේ භෝග වර්ග නිරික්ෂණය කරන්න. හරියට කෘෂි පර්යේෂණාගාරයක් වගේ. නමුත් මේ නිර්මාණ වලින් ඉෂ්ට කරපු කාර්ය දැන ගත්තාම ඇත්තටම පුදුම හිතෙනවා. මේ ආකාරයේ විශාල පඩිපෙල් නිර්මාණය කරලා තියෙන්නෙ, ශාක වර්ග විවිද පරිසර තත්ව වලට හුරු කරවන්න. සමහර ශාකවල පලදාව උන්නතාංශය එහෙම නැත්...