Posts

Showing posts with the label Peru

මරාස් | salt mines of Maras | පැරණි ශිෂ්ටාචාර ලුණු නිෂ්පාදනය කරගත් ස්තානයක් | An Ancient Salt Mine In South America

Image
මේ මාරාස් කියන ස්තානයෙන් ලුණු නිශ්පාදනය සදහා නිර්මාණය කරන ලද තාටාක එහෙම නැත්තම් පොකුණු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුලුවන්. කොයිතරම් ලස්සන දර්ශණයක්ද කියලා ඔයාලට පෙනවා ඇති. ඈත අතීතයේ ඉදලා පැවතගෙන මේ ලුණු පොකුණු නූතන කාලයේ මේ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාවත් ප්‍රයෝජනයට ගන්නවා.  මේ ස්තානය හරහා ගලා බහින කුඩා ඇල මාර්ගයක් මගින් ලවණ සහිත ජලය මේ පොකුණු වලට පිරෙන්න සලස්වනවා. මේ ස්තානය ඉන්කාවරුන්ට කලින් ජීවත් උන ශිෂ්ටාචාර භාවිතා කරලා තියනවා කියලා සාදක හොයාගෙන තියනවා. ඔවුන් හදුනාගෙන තියනවා ලවණ මිශ්‍ර මේ ජලය මේ පොකුණු වලට පිරෙන්න ඉඩහැරලා අව්වට නිරාවරණය වෙන්න තිබ්බාම දවස් කිහිපයක් ගතවෙද්දි ජලය වාෂ්ප වෙලා මේ පොකුණු වල ලුණු මිදෙනවා කියලා. ඉන්කාවරු මේ ක්‍රමය භාවිතා කරලා තියනවා ඔවුන්ට අවශ්‍ය ලුණු ලබා ගන්න. ඔවුන්ගේ දෛනික කටයුතු වලට වගෙම ආගමික චාරිත්‍ර වලටත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඒ වගෙම ඔවුන්ගේ බෝග වලට පොහොරක් වශයෙනුත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඔවුන්ගේ රෙදි හෝදන්නත් ලුණු යොදාගෙන තියනවා. ඉන්කාවරු විශ්වාස කරලා තියනවා ලුණු වලට නපුරු බලවේග පලවාහැරිමේ හැකියාවක් තියනවා කියලා. ඉන්කාවරු මේ ස්තානයෙන් ලබා ...

මොරේ | Moray Peru පුරාණ ශිෂ්ටාචාරයක කෘෂි පර්යේෂණාගාරය | Ancient Agriculture In South America

Image
පැරණි ශිෂ්ටාචාර ගැන ප්‍රධාන ධාරාව සතුව තියෙන්නෙ ප්‍රාතමික අදහසක්. විවිදාකාර නිර්මාණ මගින් මේ ශිෂ්ටචාරවල දියුණු තාක්ෂණික දැනුම ලෝකෙට කියා පානවා. නමුත් ප්‍රධාන ධාරාව මේ පිලිබදව ඒ තරම් උනන්දුවක් දක්වන්නෙ නෑ. නමුත් නූතන කාලයේ ස්වාදින ගවේශකයන් හා විශේෂඥයන් විසින් සිද්ද කරන ලද අධ්‍යන කටයුතු වලින් මේ වගෙ ගැන ඉතා වැදගත් තොරතුරු රාශියක් හොයාගෙන තියනවා. මොරේ කියන්නෙ මේ සදහා හොදම උදාහරණයක්. මේ ඓතිහාසික නිර්මාණයෙන් මේ අතීත මානව ශිෂ්ටාචරව වලට කොතරම් ඉහල දැනුමක් තිබුනද ප්‍රදර්ශනය කරනවා. මේ පඩිපෙල් ආකාර නිර්මාණ ඔලන්ටෙටොම්බො වලත් දැක ගන්න පුලුවන්. කාට හරි හිතෙන්න පුලුවන් මොනවද මේ විශාල පඩිපෙල් කියලා. යොදයන් විසින් නිර්මාණය කරපු පඩි පෙල්ද කියලා. මොරේ කියන්නෙ වෘත්තාකාර පඩි ආකාරයට සිද්ද කරන ලද නිර්මාණයක්.  මේ ස්තානය යොදාගෙන තියෙන්නෙ විවිද ආකාරයේ භෝග වර්ග නිරික්ෂණය කරන්න. හරියට කෘෂි පර්යේෂණාගාරයක් වගේ. නමුත් මේ නිර්මාණ වලින් ඉෂ්ට කරපු කාර්ය දැන ගත්තාම ඇත්තටම පුදුම හිතෙනවා. මේ ආකාරයේ විශාල පඩිපෙල් නිර්මාණය කරලා තියෙන්නෙ, ශාක වර්ග විවිද පරිසර තත්ව වලට හුරු කරවන්න. සමහර ශාකවල පලදාව උන්නතාංශය එහෙම නැත්...