මරාස් | salt mines of Maras | පැරණි ශිෂ්ටාචාර ලුණු නිෂ්පාදනය කරගත් ස්තානයක් | An Ancient Salt Mine In South America

මේ මාරාස් කියන ස්තානයෙන් ලුණු නිශ්පාදනය සදහා නිර්මාණය කරන ලද තාටාක එහෙම නැත්තම් පොකුණු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුලුවන්. කොයිතරම් ලස්සන දර්ශණයක්ද කියලා ඔයාලට පෙනවා ඇති. ඈත අතීතයේ ඉදලා පැවතගෙන මේ ලුණු පොකුණු නූතන කාලයේ මේ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාවත් ප්‍රයෝජනයට ගන්නවා. 
මේ ස්තානය හරහා ගලා බහින කුඩා ඇල මාර්ගයක් මගින් ලවණ සහිත ජලය මේ පොකුණු වලට පිරෙන්න සලස්වනවා. මේ ස්තානය ඉන්කාවරුන්ට කලින් ජීවත් උන ශිෂ්ටාචාර භාවිතා කරලා තියනවා කියලා සාදක හොයාගෙන තියනවා. ඔවුන් හදුනාගෙන තියනවා ලවණ මිශ්‍ර මේ ජලය මේ පොකුණු වලට පිරෙන්න ඉඩහැරලා අව්වට නිරාවරණය වෙන්න තිබ්බාම දවස් කිහිපයක් ගතවෙද්දි ජලය වාෂ්ප වෙලා මේ පොකුණු වල ලුණු මිදෙනවා කියලා.
ඉන්කාවරු මේ ක්‍රමය භාවිතා කරලා තියනවා ඔවුන්ට අවශ්‍ය ලුණු ලබා ගන්න. ඔවුන්ගේ දෛනික කටයුතු වලට වගෙම ආගමික චාරිත්‍ර වලටත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඒ වගෙම ඔවුන්ගේ බෝග වලට පොහොරක් වශයෙනුත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඔවුන්ගේ රෙදි හෝදන්නත් ලුණු යොදාගෙන තියනවා. ඉන්කාවරු විශ්වාස කරලා තියනවා ලුණු වලට නපුරු බලවේග පලවාහැරිමේ හැකියාවක් තියනවා කියලා. ඉන්කාවරු මේ ස්තානයෙන් ලබා ගන්නා ලද ලුණු ඔවුන්ගේ අවශ්‍යතා සදහා බහුලව භාවිතා කරලා තියනවා.
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)