ඊජිප්තු ප්‍රතිමා වල සමමිතිය | Symmetry of Egypt statues
පුරාවිද්‍යඥයන්ට හා විද්‍යඥයන්ට විස්තර කරගන්න බැරි අරුම පුදුම ඓතිහාසික නිර්මාණ ලෝකයෙ පුරාවට තියනවා. මේ නිර්මාණ වලින් අපිට පෙන්නුම් කරන්නෙ අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණ මානව ශිෂ්ටාචාර ජිවත් වෙලා තියනවා කියන එක. මේ සදහා උදාහරණ විදිහට ඉතා සුක්ෂමව කපන ලද හා විදින ලද පාෂාණ කුට්ටි පෙන්නලා දෙන්න පුලුවන්. ඒ වගෙම ගල් කුට්ටි වලින් නිර්මාණය කරන ලද මේ බැමි, බිත්ති හා විශාල ප්‍රාකාර දිහා බලන්න. මේ පුදුමාකාර නිර්මාණ අපිට පෙන්නලා දෙන්නෙ මේ පැරණි මානව ශිෂ්ටාචාර සතු වෙලා තිබුන දියුණු තාක්ෂණයයි. මේ විතරක් නෙමෙයි. මොවුන් නිර්මාණ කරන ලද ශෛලමය කලා කෘතිත් මේ සදහා හොදම උදාහරණයක්. පුරාණ ඊජිප්තුවාසින් නිර්මාණය කරලා තියන මේ ගල් ප්‍රතිමා දිහා බලන්න. මේ නිර්මාණ වල සමමීතිය හා ප්‍රමාණයට නිවැරදිව අනුකුල විදිහට අංගයන් නිර්මාණය කරලා තියන විදිහ බලන්න. ඒ වගෙම ඉතා පරිපුර්ණ විදිහට මේ නිර්මාණ සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. බැලු බැල්මටම පෙනවා නේද ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණ මේ සදහා යොදාගෙන තියනවා කියලා. නමුත් මේ ගැන ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යඥයන් හා ඉතිහාසඥයන් නම් කියන්නෙ වෙනස්ම කතාවක්. ඔවුන් කියන්නෙ ම...