ඊජිප්තු පිරමීඩවල කේසින් ස්ටොන්ස් | casing stones of the great pyramid
අවසානාවකට මානව ශිෂ්ටාචාරයක් ගැන කතාවක් කියාපාන මේ ඓතිහාසික ස්තාන හා පුරාවස්තු විවිදාකාර බොරු වලින් වසන් කරලා තියනවා. ඒවට වෙනස්ම විදිහේ ප්‍රතිරූපයක් ආරෝපණය කරලා තියනවා. අපි වැඩියෙන්ම දකින, වැඩියෙන්ම හොයන ස්තාන වලටත් මේ දේ කරලා තියනවා.උදාහරණයක් විදිහට ඊජිප්තුවේ ගීසා වල තියන පිරමීඩ දිහා බලන්න. අපිට ඉස්කෝලෙන් උගන්නලා තියෙන්නෙ, මාධ්‍යයෙන් පෙන්නලා දෙන්නෙ මේ පිරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ පාරාවොන්ගේ මමි තැම්පත් කරන්න කියලා. ඒත් මේ පිරමීඩ වලින් එකම එකම මමියක් මේ වෙනකන් හොයාගෙන නෑ. පීරමීඩ නිර්මාණය කරලා තියෙන්නෙ වෙනම කාර්‍යක් ඉෂ්ට කරගන්න. නමුත් අවාසනාවකට ඒ මොකක්ද කියලා අපි තාම දන්නෙ නෑ. මේ ගැන විස්තර සහිතව මම කලින් කොටස් වලින් කතා කරලා තියනවා.
ඉතින් මේ පිරමීඩ ගැන තියන විස්තර නම් කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක්. දවසින් දවස අලුත් දෙවල් මේ ගැන හොයාගන්නවා.ඒ වගේ තොරතුරු කිහිපයක් ගැන අපි හොයලා බලමු. මේ ගීසා වල පිරමීඩ වල පිටත ආවරනය කරලා තිබුන ගල් කුට්ටි එහෙම නැත්තම් කෙසින් ස්ටොන්ස් ගැන මම කලින් කොටස් වලින් විස්තර කරලා නෑ. මේ කෙසින් ස්ටොන්ස් නිර්මාණය කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. මේ කෙසින් ස්ටොන්ස් නිර්මාණය සදහා යොදාගෙන තියෙන්නෙ වයිට් ලයිම්ස්ටොන් පාෂාණයයි.
මේ විශාල කෙසින් ස්ටොන් පාෂාණ කුට්ටි මගින් ආවරණය කෙරෙන ඊට පහලින් තියන සැන්ඩ් ස්ටොන් පාෂාණ කුට්ටි මේ කෙසින් ස්ටොන්ස් වලට වඩා පරණයි. අවාසනාවට සියවස් ගනනාවක් තුල සිද්ද උන ආක්‍රමණ වලදි මේ පිරමීඩ වල ආරක්ෂාවට තිබුන කෙසින් ස්ටොන්ස් බොහෝ ප්‍රමාණයක් ආක්‍රමණිකයන් විසින් කොල්ලකාගෙන ගිහින් තියනවා.ේ වගෙම විනාශ කරලා තියනවා.
මේ පිරමීඩ ඇත්තටම කොච්චරක් පරණයිද? සමහරු මත ඉදිරිපත් කරනවා මේ පිටතින් ආවරණය කරන පාෂාණ මගින් ඊටත් වඩා පරණ නිර්මාණයක් මේ ආකාරයට ආවරණය කරලා තියනවා කියලා?
මේ මතය ගැන කුතුහලය වැඩි කරන සාදකත් අපිට පීරමීඩ වලින්ම හොයාගන්න පුලුවන්. ගීසා පීරමිඩ සංකීර්ණයේ තියන විශාලම පිරමීඩය වෙන කුෆු පිරමීඩයේ නැගෙනහිර පැත්ත හා මේ පිරමීඩයේ තවත් විවිද ස්තාන වල කුඩා සැන්ඩ් ස්ටොන් පාෂාණ කුට්ටි කොල්ල කෑමට හා විනාශ කිරිම් වලට භාජනය වෙලා තියනවා.
මේ නිසා අභ්‍යන්තරයේ තියන කොටස් පිටතට නිරාවරණය වෙලා තියනවා. මේ විශාල ටොන් ගණනාවක් බර පාෂාණ කුට්ටි මේ පිරමීඩ වල මුල්ම නිර්මාණයට අයත් කොටස් කියලා මොවුන් සැක කරනවා. ඔවුන් තවදුරටත් සදහන් කරනවා පසුකාලයේ නිර්මාණය කරන ලද කෙසින් ස්ටොන්ස් නිර්මාණය කරලා තියෙන්නෙ මුලු පිරමීඩයම ආවරණය කරන මේ පැරණි ඛාදනයට ලක් උන කුඩා සැන්ඩ් ස්ටොන් කුට්ටි ආභාෂයට අරන් කියලා.
මේ මතයට අනුව කාල සිමාවන් කිහිපයකදි පිරමීඩ ප්‍රතිසංස්කරණ වලට ලක්වෙලා තියනවා. මේ මතය ඇත්තනම් පිරමිඩ නිර්මාණය කරලා තියන කාලසීමාව තවත් අතීතයට ඇදිලා යන්න පුලුවන්. පුදුමයි නේද? ඇත්තටම ඊජිප්තු පිරමීඩ කොච්චරක් පරණයිද?
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here





Comments
Post a Comment