Posts

Showing posts with the label Bauthika

ප්ලැනිස්ෆියර් මැටි පුවරුව | Planisphere clay tablet වසර 6,000කටත් කලින් සුමේරියන්වරුන්ගේ ආකාශ වස්තු නිරික්ෂණය | Over 6,000 years old Sumerian clay tablets

Image
  K8538 කියන නම යටතේ මේ පුරාවස්තුව බ්‍රතාන්‍ය කෞතුකාගරයේ සුරක්ෂිතාගාරයේ ඉතා දිර්ඝකාලයක් තිබිලා තියනවා. මේ පුරාණ මැටි පුවරුව ප්ලැනිස්ෆියර් ක්ලේ ටැබ්ලට් විදිහට හදුන්වලා තියනවා. පසු කාලීනව පරිවර්තනය කල මේ පුරාණ මැටි පුවරුව මගින් අරුම පුදුම විස්තරයක් කියවෙනවා. මේ මැටි පුවරුවෙන් අපේ ග්‍රහලෝකයට සිද්ද වෙන උල්කාපාත ගැටිමක් ගැන සදහන් කරලා තියනවා. 19නි සියවසෙදි සර් හෙන්රි ලෙයාඩ් විසින් ඉරාකයේ මොසවුල් නුවර පැරණි නිනෙවා නගරයේ තිබුණ පුරාණ අශුර්බනිපාල් පුස්තකාලයේ සිද්ද කරන ලද කැනීම් කටයුතු වලින් මේ මැටිපුවරුව හා තවත් මැටි පුවරු විශාල ප්‍රමාණයක් හොයාගෙන තියනවා. මේ සුමේරියන් මැටි පුවරු ගැන කලින් කොටසකින් කතා කරා ඔයාලට මතකත් ඇති. ඒ කොටස බැලුවෙ නැත්තම් අනිවාර්‍යෙන්ම බලන්න. ඔයාලට තවත් ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න පුලුවන්. ඉතා දිර්ග පරික්ෂණ කටයුතු වලින් පස්සෙ විශේෂඥයන් හොයාගෙන තියනවා මේ මැටි පුවරුවෙන් 50%ක්ම විස්තර කරන්නෙ කාලගුණ බලපෑම් හා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන ග්‍රහලෝකව පිහිටිම් ගැන කියලා. අනිත් 50% විස්තර කරන්නෙ මේ මැටි පුවරුව නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් නිරික්ෂණය කරන ලද අභ්‍යවකාශයේ ගමන්...

ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt

Image
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ අත්භූත පුරාවස්තුව " ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක් " කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා. මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන ක...