ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ අත්භූත පුරාවස්තුව "ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක්" කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා.
මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන කාලයේ ඊජිප්තු ඉතිහාසය ගැන අධ්‍යනය කරන බොහොදෙනාගේ අත්පොත විදිහට හදුන්වන ආර්කෙයික් ඊජිප්ට් කියන ග්‍රන්ථ කාණ්ඩය රචනා කරලා තියෙන්නෙත් මොහු විසින්.
වසර 1936 දි සකුරා කියන ඓතිහාසික ස්තානයේ සිදුකරන ලද කැණිම් කටයුත්තක් අතර තුර එමරි විසින් සබු කියන පුජකයාගේ සොහොන් ගෙය හොයාගෙන තියනවා. මේ සොහොන් ගේ ඇතුලේ තිබිලා විවිදාකාරයේ තවමත් ක්‍රියා කල හැකි තත්වයේ පවතින උපකරණ හා මේ ට්‍රයිලෝබ් ඩිස්ක් එක හොයාගෙන තියනවා. ඔයාල මේ දකින්නෙ මේ සොහොන් ගෙය මුලින්ම හොයාගද්දි තිබුන ආකාරය වාර්තා කරලා තියන ආකාරය.
එමරිගේ අවදානය ක්ෂණිකව යොමුවෙලා තියෙන්නෙ මේ අරුම පුදුම පුරාවස්තුවටයි. මේ පිලිබදව ඔහුගේ අදහස ඔහුගේ ග්‍රන්ථයෙත් සදහන් කරලා තියනවා. බොහොදෙනා මේ පුරාවස්තුව ගැන අධ්‍යනය කරත් මේ වස්තුව කුමක් සදහා යොදා ගත්තද මොනවගේ තාක්ෂණයක් යොදාගෙන කවුරුන් නිර්මාණය කරාද කියලා ඔවුන්ට අදහසක් නෑ.
තවත් පුදුම හිතෙන කාරණයක් තමයි ප්‍රධාන ධාරවට අනුව පුරාණ ඊජිප්තුවැසියන් රෝදය හොයාගෙන තියෙන්නෙ ක්‍රි.පූ 1640දි හිස්කොස් ආක්‍රමණ සිද්ධ උන කාලසීමාවෙදියි. නමුත් මේ ට්‍රයිලෝබ් ඩිස්ක් එක නිර්මාණය කරලා තියෙන්නෙ ඊටත් වසර දහස් ගණනකට පෙරයි. ඇත්තටම මේ ගැන ප්‍රශ්ණයක් ඇතිවෙනවා නේද?
ඊජිප්තු විශේෂඥයෙක් වෙන සිරිල් ඇල්ඩ්‍රෙඩ්ගේ මතයට අනුව මේ ඩ්ස්ක් එක නිර්මානය කරලා තියෙන්නෙ මීට වඩා පරණ ලෝහ වලින් නිර්මාණය කරන ලද මේ ට්‍රයිලෝබ් ඩිස්ක් එකෙ රෙප්ලිකා එකකට අනුවයි. තවදුරටත් ඔහු සදහන් කරනවා මේ ඩිස්ක් එකෙ මැද තියන සිදුර අනුව මේ නිර්මාණය වෙනත් විශාල සංකිර්ණ නිර්මාණයක කුඩා කොටසක් වෙන්න පුලුවන් කියලා.
ඔහුගේ මතයට අනුව මේ නිර්මාණය ආරක්ෂාවෙලා වෙලා තියෙන්නෙ මුල් නිර්මාණයේ කොටස් නැවත නිර්මාණය කිරිම සදහා සිද්ද කරන ලද උත්සහයන් නිසා කියලා. ඔහු තවදුරටත් සදහන් කරනවා අපි නොදන්න ඉතා දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරලා මේ බිදෙන සුලු පාෂාණයේන් ඉතා සුක්ෂම ලෙස මේ නිර්මාණය සිද්ද කරලා තියනවා කියලා.
ප්‍රධාන ධාරාවට අනුව ප්‍රාතමික තාක්ෂණයක් තිබුන පිරිසක් විදිහට හදුන්වන මේ පුරාවස්තුව නිර්මාණය කල යුගයේ ඊජිප්තු වැසියන් ඇත්තටම කොහොමද මේ වගේ සුක්ෂම සංකිර්ණ නිර්මාණක් සිද්ද කරලා තියෙන්නෙ? ඔයලාත් හිතනවද ලෝකඩ ගල්කටු වලින් මේ වගේ නිර්මාණයක් සිද්ද කරන්න පුලුවන් කියලා? අපි නොදන්න දියුණු තාක්ෂණයක් මොවුන් ලග තිබිලා තියනවද? නැත්තම් ඔවුන්ටත් කලින් ජිවත් වෙලා නැසිලා ගිය දියුණු මානව ශිෂ්ටාචාරයක සාදකද මොවුන් මේ ආරාක්ෂා කරලා තියෙන්නෙ?
බැලු බැල්මටම පෙනෙන දෙයක් තමයි මේ නිර්මාණය ඉතා ඉහල තාක්ෂණයක් භාවිතා කරලා නිර්මාණය කරලා තියනවා. ඒ වගෙම වෙනත් ඉතා සංකිර්ණ නිර්මාණයක කොටසක් වෙන්නත් පුලුවන්. නමුත් මේ නිර්මාණයෙන් ඉෂ්ට උන කාර්ය මොකක්ද කවුරුන් විසින් මොනවගේ දියුණු තාක්ෂණයක් භාවිතා කරලා මේ නිර්මාණ සිද්ද කරාද කියලා තාමත් අභිරහසක් වෙලා තියනවා. ඔයලත් හිතලා බලන්න.
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here










Comments
Post a Comment