අස්වාන් ගල් වල | Aswan quarry | පැරණි ඊජිප්තු වැසියන් පාෂාණ මෙලෙක් කලාද? | Egypt Ancient Civilizations
පුදුමාකාර ඒ වගෙම අභිරහස් තොරතුරු හොයාගන්න පුලුවන් තැන් විදිහට, මේ පුරාණ ගල් වැඩ සිද්ද කරපු ස්තාන හා ගල් වලවල් හදුන්වා දෙන්න පුලුවන්. මේ ස්තාන වලින් පහසුවෙන්ම හොයාගන්න පුලුවන් ලක්ෂණ තමයි, යම්කිසි ආකාරයක දියුණු තාක්ෂණික උපකරණ යොදාගෙන මේ පාෂාණ කුට්ටි කාපා වෙන් කරලා තියනවා, හැඩ කරලා තියනවා ඒ වගෙම වෙනත් ස්තාන වලට ප්‍රවාහණය කරලා තියනවා.
මේ ගල් නිර්මාණ වල තියන කැපුම් පාරවල් ඒ වගෙම ටුල් මාක්ස් ඇත්තටම පුදුමාකාරයි. ලෝකයේ විවිද ස්තාන වල තියන ගල් නිර්මාණ වල ඒ වගෙම ගල් වලවල් වල මේ ආකාරයේ සාමාන කම් නිරික්ෂණය කරන්න පුලුවන්.
මේ සදහා හොදම උදාහරණයක් තමයි ඊජීප්තුවේ තියන අස්වාන් ගල්වල. මේ ස්තානයේ භාගෙට නිර්මාණය කරන ලද විශාල ගල් කණුවක් ඔයාලාට බලාගන්න පුලුවන් බලා ගන්න පුලුවන්. විශාල තනි පාෂාණයකින් මේ ආකාරයට මේ නිර්මාණය සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි නේද?
මේ කැපුම් පාරවල් හොදින් නිරික්ෂණය කරලා බලන්න. හරියට නිකන් හැන්දකින් හාරාලා ගත්තා වගේ නේද? මේ විදිහට හාරලා තියන මේ පාෂාණය රෝස් ග්‍රැනයිට් පාෂාණයක්. ඉතා දෘඩ පාෂාණයක්. ඒ වගෙම මේ භාගෙට නිම කරන ලද ගල්කණුව ටොන් 1,200ක් පමණ බරයි.
මේ පාෂාණය කපපු අකාරය ගැන හිතන එක පැත්තකින් තියමුකො. හිතලා බලන්න මේ ගල් කණුවේ වැඩ නිම උනාම ඔවුන් කොහොමද මේ ගල් කණුව මේ ස්තානයෙන් ඔසවලා ඉවත් කරගන්නෙ? ඒ වගෙම වෙනත් ස්තානයකට ප්‍රවාහණය කරන්නෙ? පුදුමයි නේද? මේ වගේ විශාල ගල් කණු ඊජිප්තුව පුරාවට ස්තාන ගත කරලා තියනවා. ඒ වගෙම මේ නිර්මාණය කරලා තියන ගොඩක් ගල් කණු වල උපත සිද්ද වෙලා තියෙන්නෙ, මේ අස්වාන් ගල් වලෙන් කියලා තමයි විශ්වාස කරන්නේ.
ලෝකඩ යුගයට අයත් මානව ශිෂ්ටාචාරයකට, ලෝකඩ ගල් කටු යොදගෙන මේ වගේ නිර්මාණ සිද්ද කරන්න පුලුවන්ද? නැත්තම් අපි නොදන්න දියුණු තාක්ෂණයක් ඔවුන් ලග තිබිලා තියනවද?
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here



Comments
Post a Comment