ඊජිප්තු ප්‍රතිමා වල සමමිතිය | Symmetry of Egypt statues
පුරාවිද්‍යඥයන්ට හා විද්‍යඥයන්ට විස්තර කරගන්න බැරි අරුම පුදුම ඓතිහාසික නිර්මාණ ලෝකයෙ පුරාවට තියනවා. මේ නිර්මාණ වලින් අපිට පෙන්නුම් කරන්නෙ අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් තිබුණ මානව ශිෂ්ටාචාර ජිවත් වෙලා තියනවා කියන එක. මේ සදහා උදාහරණ විදිහට ඉතා සුක්ෂමව කපන ලද හා විදින ලද පාෂාණ කුට්ටි පෙන්නලා දෙන්න පුලුවන්. ඒ වගෙම ගල් කුට්ටි වලින් නිර්මාණය කරන ලද මේ බැමි, බිත්ති හා විශාල ප්‍රාකාර දිහා බලන්න.
මේ පුදුමාකාර නිර්මාණ අපිට පෙන්නලා දෙන්නෙ මේ පැරණි මානව ශිෂ්ටාචාර සතු වෙලා තිබුන දියුණු තාක්ෂණයයි. මේ විතරක් නෙමෙයි. මොවුන් නිර්මාණ කරන ලද ශෛලමය කලා කෘතිත් මේ සදහා හොදම උදාහරණයක්.
පුරාණ ඊජිප්තුවාසින් නිර්මාණය කරලා තියන මේ ගල් ප්‍රතිමා දිහා බලන්න. මේ නිර්මාණ වල සමමීතිය හා ප්‍රමාණයට නිවැරදිව අනුකුල විදිහට අංගයන් නිර්මාණය කරලා තියන විදිහ බලන්න. ඒ වගෙම ඉතා පරිපුර්ණ විදිහට මේ නිර්මාණ සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. බැලු බැල්මටම පෙනවා නේද ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණ මේ සදහා යොදාගෙන තියනවා කියලා.
නමුත් මේ ගැන ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යඥයන් හා ඉතිහාසඥයන් නම් කියන්නෙ වෙනස්ම කතාවක්. ඔවුන් කියන්නෙ මේ නිර්මාණ සිද්ද කරපු පුද්ගලයන් මේ සදහා යොදාගෙන තියෙන්නෙ තඹ හා ලෝකඩ වලින් නිර්මානය කරන ලද ප්‍රාථමික උපකරණ කියලා. ලෝකඩ හා තඹ වලින් නිර්මාණය කරන ලද ගල් කටු වගේ උපකරණ.
නමුත් මේ නිර්මාණ සිද්ද කරලා තියන ආකාරය දිහා බලද්දි, මේ පැහැදිලි කිරිම් කොච්චරක් ප්‍රායොගිකද කියල හිතෙනවා. මේ නිර්මාණ වල සමමිතිය ඇත්තටම අති විශිෂ්ටයි. අවුරුදු දහස් ගණනකට කලින් නයිල් ගංගා ඉවුරෙ ජිවත් උන මේ ශිෂ්ටාචාර සතුව ඉතා දියුණු තාක්ෂණයක් තිබිලා තියනවා කියලා අපිට හදුනා ගන්න පුලුවන්.
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here






Comments
Post a Comment