මොරේ | Moray Peru පුරාණ ශිෂ්ටාචාරයක කෘෂි පර්යේෂණාගාරය | Ancient Agriculture In South America

පැරණි ශිෂ්ටාචාර ගැන ප්‍රධාන ධාරාව සතුව තියෙන්නෙ ප්‍රාතමික අදහසක්. විවිදාකාර නිර්මාණ මගින් මේ ශිෂ්ටචාරවල දියුණු තාක්ෂණික දැනුම ලෝකෙට කියා පානවා. නමුත් ප්‍රධාන ධාරාව මේ පිලිබදව ඒ තරම් උනන්දුවක් දක්වන්නෙ නෑ. නමුත් නූතන කාලයේ ස්වාදින ගවේශකයන් හා විශේෂඥයන් විසින් සිද්ද කරන ලද අධ්‍යන කටයුතු වලින් මේ වගෙ ගැන ඉතා වැදගත් තොරතුරු රාශියක් හොයාගෙන තියනවා. මොරේ කියන්නෙ මේ සදහා හොදම උදාහරණයක්. මේ ඓතිහාසික නිර්මාණයෙන් මේ අතීත මානව ශිෂ්ටාචරව වලට කොතරම් ඉහල දැනුමක් තිබුනද ප්‍රදර්ශනය කරනවා. මේ පඩිපෙල් ආකාර නිර්මාණ ඔලන්ටෙටොම්බො වලත් දැක ගන්න පුලුවන්. කාට හරි හිතෙන්න පුලුවන් මොනවද මේ විශාල පඩිපෙල් කියලා. යොදයන් විසින් නිර්මාණය කරපු පඩි පෙල්ද කියලා. මොරේ කියන්නෙ වෘත්තාකාර පඩි ආකාරයට සිද්ද කරන ලද නිර්මාණයක්. 
මේ ස්තානය යොදාගෙන තියෙන්නෙ විවිද ආකාරයේ භෝග වර්ග නිරික්ෂණය කරන්න. හරියට කෘෂි පර්යේෂණාගාරයක් වගේ. නමුත් මේ නිර්මාණ වලින් ඉෂ්ට කරපු කාර්ය දැන ගත්තාම ඇත්තටම පුදුම හිතෙනවා. මේ ආකාරයේ විශාල පඩිපෙල් නිර්මාණය කරලා තියෙන්නෙ, ශාක වර්ග විවිද පරිසර තත්ව වලට හුරු කරවන්න. සමහර ශාකවල පලදාව උන්නතාංශය එහෙම නැත්තම් Altitude එක වෙනස් වෙද්දි ඉට අනුරූපව වෙනස් වෙනවා. සමහර ශාකවල පලදාව පහල උන්නතාංශයකදි වැඩියි. තවත් ශාකයක පලදාව ඉහල උන්නතාංශයකදි වැඩියි. මේ පඩිපෙල් ආකාර නිර්මාණ නිසා විවිදාකාර මේ විදිහේ ශාක එකම ස්තානයක වගාකරන්න පුලුවන්. 
ඒ වගෙම පහල උන්නතාංශයක වැඩෙන ශාක ක්‍රමක් ක්‍රමයෙන් ඉහල උන්නතාංශයක වැඩෙන්න හුරු කරවන්නත් පුලුවන්. මේ නිසා ඔවුන්ට ඔවුන් ජිවත් වෙන කදු මුදුන්වලට මේ ශාක හුරුකරවන්න පුලුවන් වෙලා තියනවා. ඔයාලට පෙනවා ඇති මේ කන්ද පහලට හාරලා තට්ටු තට්ටු ආකාරයට මේ පඩි නිර්මාණය සිද්ද කරලා තියන ආකාරය. ඇත්තට පුදුමාකාර ඓතිහාසික ස්තානයක්. මේ එක් පඩියක් වෙනස් පරිසර කාලාපයක් හා උන්තාංශයක් නියෝජනය කරනවා.
 ඒවගෙම මීටර් 150ක් දක්වා පහලට මේ පඩි නිර්මාණය කරලා තියනවා. මේ එක් එක් පඩි වලට පහසුවෙන් ගමන් කිරිම සදහා ගල් බැමිවල කුඩා පඩි පෙලවල් නිර්මාණය කරලා තියනවා. ඒවගෙම එක් පඩියක ඉදලා තවත් පඩියකට ජලය පරිවහණය කිරිම සදහා ගල් බැමි හරහා කාණු පද්දතියක් නිර්මාණය කරලා තියනවා. මේ එක් එක් පඩි වල තියන උෂ්ණත්ව හා ආර්ද්‍රවතා වෙනස්කම් නිසා විවිද පරිසර තත්ව හා උන්නතාංශ වල භෝග වර්ග වගා කරලා පරික්ෂා කරලා බලන්න හැකියාවක් ලැබිලා තියනවා. 
ඒ වගෙම මේ නිසා විවිද පරිසර තත්ව වලට හා උන්තාංශ වලට භෝග වර්ග හුරුකරන්නත් ඔවුන්ට අවස්තාව ලැබිලා තියනවා. මේ හොදම උදාහරණයක් අපේ මුතුන් මිත්තන් අපි හිතනවට වඩා ඉතා දියුණු පිරිසක් කියලා හදුනා ගන්න.
හිතලා බලන්න මේ නිර්මාණ සිද්ද කරපු මේ ශිෂ්ටාචාර කොච්චර දියුණු දැනුමක් තිබුණ පිරිසක්ද කියලා. ඔයාලා දැකලා ඇති අපේ රටෙත් හෙල් මලු ක්‍රමයට බෑවුම් වල වගා කරන ආකාරය. ඇත්තටම අපේ මුතුන් මිත්තන්ගේ දැනුම පුදුමාකාරයි නේද? ඉතින් මේ දෙවල් හදුනාගෙන තියෙන්නෙ ඉතා කැපවිමෙන්, දිර්ග කාලයක් මේ ස්තාන ගැන සිද්ද කරපු අධ්‍යන කටයුතු වලින්. ඉතින් මේ පර්‍යේෂකයන්ගේ කැප විම අපි ඇත්තටම අගය කරන්න ඔනේ. මේ ස්තාන වල අභිරහස් මේ ආකාරයට විසදෙන කොට තමයි, මේ මානව ශිෂ්ටාචාර කොයිතරම් දියුණු තාක්ෂණයක් තිබුණ පිරිසක්ද කියලා හෙතු සාදක සහිතව වැටහෙන්නෙ.
 බොහොදෙනා විශ්වාස කරාට ඉන්කාවරුන් මේ නිර්මාණ සිද්ද කරා කියලා, එත් ඇත්තටම මේ නිර්මාණ ඔවුන්ටත් වඩා පරණයි. ප්‍රධාන ධාරවට අනුව ඉන්කාවරුන් කියන්නෙ ප්‍රාතමික තාක්ෂණයක් තිබුණ ශිෂ්ටාචාරයක්. නමුත් මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්න ඉතා දියුණු සැලැස්මකට අනුව. මේ නිසා මේ නිර්මාණ ඉන්කාවරුන් විසින් සිද්ද කලාද කියලා මතභේද ඇතිවෙලා තියනවා. ඉතින් ඔයාලාගේ අදහස මොනවගෙද මේ ස්තානය ගැන්?
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)