වටිනා ඉතිහාසයක් සහිත ඉරාකය | Iraq the home of civilizations

මානව ඉතිහාසය ගැන කතා කරද්දි, ඉරාකය ඉතා විශේෂ ස්තානයක් හිමිකරගෙන තියනවා. ඒකට හෙතුව තමයි ඉරාකය සුමේරියන්වරුන්ට, ඇසිරියන්වරුන්ට ඒ වගෙම බැබිලොනියන්වරුන්ට නිවහන වෙලා තිබිලා තියනවා. හිතලා බලන්න. නූතන ඉරාකය තමයි ලෝකයේ වාර්තා ගත වෙලා තියන පැරණිම මානව ශිෂ්ටාචාරය වෙන, සුමේරියන් ශිෂ්ටාචාරයට වාසස්තානය වෙලා තිබිලා තියෙන්නෙ. අපි මේ සුමේරියන්වරු ගැන කලින් කොටස් වලිනුත් කතා කරලා තියනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද පුදුම හිතෙන, මැටි ලේඛන පුවරු ගැන, අපි කතා කරා ඔයාලට මතකත් ඇති.
ඇත්තට ඔවුන් මොනවද, මේ මැටි පුවරු වලින් පෙන්නුම් කරන්නෙ? මේ මැටි පුවරු මගින් ඔවුන්ගේ දැනුම, ඉතා ඉහල තැනක තිබ්බා කියලා අපිට පෙන්නලා දෙනවා. ඒ වගෙම, අවුරුදු දහස් ගනනකට කලින්, සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔවුන්ට තිබ්බ දැනුම ගැන, අපිට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. උදාහරයක් විදිහට මේ solar system tablet කියන මැටි පුවරුව, විශාල වශයෙන් වාද විවාද වලට ලක්වෙන මාතෘකාවක්. ඇත්තටම, අවුරුදු 6,000කට කලින් ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගෙන ඉදලා තියනවද? සියලුම ග්‍රහලෝක සූර්‍ය‍යා වටා ගමන් කරනවා කියලා? සුමේරියන්වරුන්ට අවුරුදු 5,000කට පස්සේ, කොපර්නිකස් විසින් සූර්‍ය‍යා වටා ග්‍රහලෝක ගමන් කරනවා කියලා හොයා ගන්නකම්ම විශ්වාස කරේ, පෘතුවිය වටා අනෙක් වස්තුන් ගමන් කරනවා කියලා. පුදුමයි නේද? වැදගත්ම කාරණය තමයි මේ සූමේරියන් මැටි පුවරු හොයාගෙන තියෙන්නෙ, ඉරාකයේ පැරණි උර්ක් නගරයෙන්. ඉරාකය කියන්නේ ගොඩක් පුරාවිද්‍යඥයන්ගෙ සිහින නගරයක්. එකට හෙතුව තමයි දශක ගනනාවක් තිස්සේ මේ ඉරාකය, පිටස්තරයන්ට ගවේශන‍යට හා අධ්‍යන කටයුතු වලට, අවහිර වෙලා තියන එක. ගොඩාක් වටිනා පුරාවස්තු රැසක්, මේ ඉරාකයේ වැලියට වැලලිලා තිබිලා හොයාගෙන තියනවා. තවත් පුරාවස්තු රැසක් මේ විදිහට වැලියට සැගවිලා ඇති.
ඒ වගෙම අමතක කරන්න එපා මේ සිරියන් ලමාසු ප්‍රතිමා පැවතගෙන එන්නෙ, ඉරාකයෙන් කියන එක. මේ ක්වාට්ස්සයිට් හා ග්‍රැනයිට් පාෂාණ වලින් නිර්මාණය කරලා තියන, පියාපත් සහිත ගොනෙකුගෙ ප්‍රතිමා 100කට වැඩි ප්‍රමාණයක් හොයාගෙන තියනවා. සමහර ප්‍රතිමා ලෝකයේ විවිද කෞතුකාගාරවලට ලබා දිලා තියනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඉරාකයේ මොසුල් නගරයේ නෙගාල් දොරටුව අසල තිබුන මේ වටිනා ලමාසු ප්‍රතිමා කිහිපයක්, ඉරාකය ආක්‍රමණය කරන ලද ත්‍රස්තවාදින් විසින් විනාශ කරලා දාලා තියනවා. මොසුල් නුවර තමයි බයිබලයේ පැරණි ඇස්තමේන්තුවේ සදහන් වෙන ඓතිහාසික නිනෙවා නගරය. ඇසිරියන් අධිරාජ්‍ය‍යේ පැරණිම හා අධික ජනගනයක් පැවතුන නගරය තමයි, මේ නිනෙවා නගරය. බයිබල් කතාවක සදහන් වෙනවා ජොනා කියන පුද්ගලයාව, තල්මහෙක් විසින් ගිල දමන අවස්තාවක්. ඊට පස්සෙ මේ ජෝනා තල්මහගෙන් බෙරිලා එලියට ආවාම මුනගැහිලා තියෙන්නෙ, මේ නිනෙවා නගරය.
මේ පැරණි නගරය අඩි 25කට වඩා උස තාප්පයකින් වටවෙලා තියනවා. ඔයාලට සංසන්දය කරලා බලන්න පුලුවන් මේ තාප්පෙ උස, ගිණිතියලා විනාශ කරලා තියන මේ ජිප් රථයත් එක්ක. මේ නිනෙවා නගරයට ඇතුලුවෙන්න හා පිට වෙන්න දොරටු 15ක් නිර්මාණය කරලා තියනවා. ඒ වගෙම වර්ග කිලෝමීටර 7ක භූමී ප්‍රදේශයක් ආවරණය වෙන්න මේ නගර විහිදිලා තියනවා. මේ චන්ද්‍රිකා චායාරූපය දිහා බලන්න. ඇත්තටම විශාල නගරයක්. ඔයාලා මේ දකින්නෙ නේගාල් දොරටුව. මේ දොරටුව නම් කරලා තියෙන්නෙ සුමේරියන් නේගාල් කියන දෙවියාගෙ නමින්. මේ නගරයේ දොරටු 15ම නම් කරලා තියෙන්නෙ සුමේරියන් දෙවිවරුන්ගෙ නම් වලින්. මේ නිසා තමයි මේ ඇසිරියන් ලමාසු ප්‍රතිමා ඇත්තටම සූමේරියන්වරු නිර්මාණය කරන ලද නිර්මාණද කියලා, සැක හිතෙන්නෙ. ඇසිරියන්වරු සුමේරියන්වරුන්ට පසුව පැවතුන ශිෂ්ටාචාරයක්. තවත් ඔයාලා දැනගන්න ඔනේ වැදගත් කාරණාවක් තමයි, මේ ස්තානයේ සමහර දේවල් පසුකාලයේ නිර්මාණය කරපු දේවල්. දශක කිහිපයකට කලින් විවිදාකාර ප්‍රතිසංස්කරන වලට මේ ස්තානය භාජනය වෙලා තියනවා. ඔයාලා දැන් දකින ආකාරයට නෙමෙයි, මේ ස්තානය අවුරුදු දහස් ගනනකට කලින් තිබිලා තියෙන්නෙ.
උදාහරයක් විදිහට මේ ලමාසු ප්‍රතිමා හම්බවෙලා තියෙන්නෙ පස් හා මඩවලට යට වෙලා තිබිලා. මෑතකාලයේ තමයි දැන් පෙන විදිහට මේ ස්තානයට මේ ප්‍රතිමා ස්තාන ගත කරලා තියෙන්නෙ. නමුත් ප්‍රශ්ණය තමයි මේ ලමාසු ප්‍රතිමා නිර්මාණය කරල තියෙන්නෙ, සුමේරියන්වරුන්ට කලින් ඇතිවෙලා තියන මාහා ජලගැලීමට කලින් පැවතුන, දියුණු ශිෂ්ටාචාරයක් විසින්ද කියන එක. හිතලා බලන්න. ඇයි මේ ප්‍රතිමා, අඩි ගනනාවක් පස් හා මඩවලට යටවෙලා තිබිලා තියෙන්නෙ? ඔයාලා මේ දකින ලමාසු ප්‍රතිමාව මුලින්ම පස් යටින් හොයා ගද්දිත්, මේ අකාරයට කැඩිලා ගිහින් තිබිලා තියනවා. ඇයි ඒ? මාහා ව්‍යසනයකට මූහුන දුන්න නිසා ද? හොදින් බලන්න. මේ ප්‍රතිමා කොතරම් අලංකාර ලෙස හා විස්තර සහිතව නිර්මාණය කරලා තියනවද කියලා. ඉතා සියුම් ආකාරයට රැවුල හා පිහාටු නිර්මාණය කරලා තියන ආකාරය බලන්න. ඇත්තටම ලෝකඩ උපකරණ වලින් මේ තරම් සියුම් විදිහට මේ නිර්මාණ සිද්ද කරන්න පුලුවන්ද? මේ ඔයාල දකින ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නෙ තනි ක්වාට්ස්සයිට් පාෂාණයකින්. ග්‍රැනයිට් වලටත් වඩා දෘඩයි, මේ ක්වාට්ස්සයිට් පාෂාණ. මේ ලමාසු ප්‍රතිමා විවිදාකාර පාෂාණ වලින් නිර්මාණය කරලා තියනවා. අද කාලයේ මේ නිර්මාණ සිද්ද කරනවා නම් අනිවාර්‍යෙන්ම diamond bit drills හා වෙනත් තාක්ෂණික උපකරණ භාවිතා කරන්න වෙනවා. අනිවාර්‍යෙන්ම ප්‍රධාන ධාරාවෙ විශේෂඥයන් ඉදිරිපත් කරන මත වලට එහා ගිය යමක්, මේ ලමාසු ප්‍රතිමා එක්ක සැගවිලා තියනවා.
හොදින් බලන්න මේ ප්‍රතිමා කොච්චර විශාලද කියලා. මේ චායාරූපයේ ඉන්න කාන්තාවත් සමග මේ ප්‍රතිමා සංසන්දනය කරලා බලන්න. ඇත්තට ඉතා විශාලයි නේද? ඒ වගෙම මේ නේගාල් දොරටුව දෙසට යන මේ පාර දිහා බලන්න. ඇසිරියන්වරු, බැබිලෝනියන්වරු මේ පාරේ ගමන් කරන්න ඇති. ඔවුන්ගේ රජවරු, සිටුවරු, හමුදාව, වෙලෙන්දො ඒ වගෙම සාමාන්‍ය ජනතාව මේ පාරේ ගමන් කරන්න ඇති. සමහර විට මම කලින් කිව්ව බයිබල් කතාවේ හිටිය ජෝනාත්, මේ පාරේ ගමන් කරන්න ඇති. අකාඩ් වල සාගොන් රජතුමාත් මේ පාරෙන් ගමන් කරන්න ඇති. ඇත්තටම පුදුමයි නේද?
නමුත් අවාසනාවන්ත ලෙස මේ ලමාසු ප්‍රතිමා හා මේ ස්තානය ඉරාකය ආක්‍රමණය කරපු ත්‍රස්තවාදින් විසින් විනාශ කරලා දාලා තියනවා. මේ ස්තානය වටේට තිබ්බ තාප්පය පවා විනාශ කරලා දාලා තියනවා. බලන්න මේ පෙර හා පසු චන්ද්‍රිකා චායාරූප වලින් මේ ඓතිහාසික නගරය විනාශ කරලා දාලා තියන ආකාරය. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මේ පෙර හා පසු චායාරූප විතරයි. බලන්න කොච්චර ලොකු විනාශයක් කරලා තියනවද කියලා. ඇත්තටම කම්පාවක් ඇතිවෙනවා නේද? මේ වගේ ඓතිහාසික ස්තාන අපි රැකගන්න ඔනේ මේ විදිහට විනාශ වෙලා යන්න දෙන්න නොදි. මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)