කවේ ඩි කුසා | Cave Di Cusa යුරෝපයේ ජිවත් උන පැරණි ශිෂ්ටාචාරයක විස්කම් | Ancient Civilizations
මේ වගේ ප්‍රාග් ඓතිහාසික ගල් නිර්මාණ හා තඹ පතල් ඇමරිකාවේ මාහා විල් ආසන්න කරගෙන නිර්මානය කරලා තියනවා. මේවා වල කාල සීමාව ඉතා ඈත අතීතයට දිව යනවා. මේ වගෙ ස්තාන නූතන කාලයේ ගවේෂකයන්ගේ අධ්‍යන කටයුතු වලට අවදානය යොමු වෙලා තියනවා.
නමුත් මේ කවේ ඩි කුසා කියන ස්තානය නම් ඒ වගේ වැඩිදුර අධ්‍යන කටයුතුවලට ලක් නොවුනු, නමුත් අරුම පුදුම ඓතිහාසික ස්තානයක්. මේ ස්තානය පිහිටලා තියෙන්නෙ ඉතාලියේ ට්රාපනි පාලාතේ කැම්පොබෙලා ඩි මසාරා කියන නගරයේ ඉදලා කිලෝමීටර 3ක් දකුණට වෙන්න. මේ ගල් නිර්මාණ වලින් පිරුණු ස්තානය කිලෝමීටර 1.8ක් දක්වා දුරකට විහිදිලා තියනවා. මේ නිර්මාණ නැගෙනහිර සිට බටහිර දෙසට විහිදෙන ස්වභාවික කදුවැටියක පිහිටලා තියනවා.
ප්‍රධාන ධාරාවට අනුව මේ ගල් වල ආරම්භවෙලා තියෙන්නෙ ක්‍රි.පූ. 6වෙනි සියවසෙ මුල භාගයේදි. නමුත් යම්කිසි හෙතුවක් නිසා අතහැරලා දාපු මේ සිලින්ඩරාකාර විශාල ගල් කුට්ටි මේ ස්තානය පුරාවට තියනවා. මේ නිර්මාණ දිහා හොදින් බලන්න. අවුරුදු දහස් ගණනාවක් ඛාදනය ලක් වෙලා තිබුනත්, මේ නිර්මාණ වල තියන විශ්මය නම් අඩුවෙලා නෑ.
බැලු බැල්මටම පෙන දෙයක් තමයි ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන, මේ නිර්මාණ සිද්ද කරලා තියනවා කියන එක. තනි පාෂාණයකින් මේ සිලින්ඩරාකාර නිර්මාණ සිද්ධ කරලා තියන ආකාරය නම්, ඇත්තටම පුදුමාකාරයි.
තව දුරටත් සදහන් වෙනවා මේ ස්තානය ක්‍රි.පූ. 409දි කාර්තජිනියන්වරුන්ගේ ආක්‍රමණත් සමග, අතහැරලා දාලා තියනවා කියලා. මේ නිර්මාණ වලත් කැපුම් පාරවල් නිරික්ෂණය කරන්න පුලුවන්. මේ විශාල ගල් කුට්ටි නිර්මාණය කරලා තියෙන්නෙ ඉතා සුක්ෂම ආකාරයකටයි. නමුත් අවාසනාවකට මේ ස්තානය ගැන වැඩිදුර සොයා බැලිමක් ප්‍රධාන ධාරාව විසින් සිද්ද කරලා නෑ. ඒ වගෙම ඔවුන් මේ ස්තානය ගැන ඉතා සුලු පැහැදිලි කිරිමක් පමණයි දැනට සිද්ද කරලා තියෙන්නෙ
ඇත්තට මේ මිනිසුන් මොනවගේ අවශ්‍යතාවයකට මේ නිර්මාන සිද්ද කරාද? මොන වගෙ දියුණු තාක්ෂණයක් මේ සදහා යොදාගත්තද? ඇයි මේ ස්තානය මේ ආකාරයට අතහැරලා දාලා තියෙන්නෙ? ඔවුන් ගල් කටු වගේ ප්‍රාතමික උපකරණ භාවිතා කරලා මේ නිර්මාණ සිද්ද කරත්, මේ විශාල ගල් කුට්ටි විවිද ස්තාන වලට ප්‍රවාහණය කරලා තියෙන්නෙ කොහොමද?
මේ කවේ ඩි කුසා කියන ගල් වලෙන් අපිට පෙන්නලා දෙන්නෙ, නැති උන දියුණු මානව ශිෂ්ටාචාරයක තිබුන ඉතා දියුණු තාක්ෂණික ක්‍රම හා ඔවුන්ගේ හැකියාවන්. ඇත්තටම විශ්මය ජනකයි නේද? ඔයාලගේ අදහස මේ ගැන මොන වගෙද?
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here






Comments
Post a Comment