ග්ලොසල් පුරාවස්තු | Glozel artifacts

ලෝකයේ විවිද ආකාරයේ පුරාවස්තු හා ඓතිහාසික ස්තාන පිහිටලා තියනවා. මේ සමහරක් නිර්මාණ ප්‍රධාන ධාරාව විසින් පලවෙනියට මානව ශිෂ්ටාචාරයක් බිහිඋනා කියන කාල සීමාවට විශාල අභියෝග එල්ල කරනවා. සමහර නිර්මාන අපිට හිතා ගන්න බැරි තරම් පරණයි. ඔයාලට මතක ඇති අවුරුදු 200,000ක් පරණ ටයිල් පොලවක් ගැන අපි කතා කරා. මේ වගේ සොයා ගැනීම් මගින් අපි අපේ මානව ඉතිහාසය ගැන දන්නෙ කොයිතරම් සුලු තොරතුරු ප්‍රමාණයක්ද කියලා මතක් කරලා දෙනවා.
නමුත් ලෝකයේ ඉන්න විවිදාකාර ගවේශකයන් මේ ගැන තොරතුරු හොයන්න මහන්සි වෙනවා. ඔවුන් හෙමින් හෙමින් මේ පිලිබදව සාක්ෂි සාදක හොයා ගනිමින් පවතිනවා. ප්‍රධාන ධාරාව මගින් ඇතිකර විවිදාකාර බදා මැද ඔවුන් මේ තොරතුරු හොයාගන්නවා. ඒ වගේම හොයාගන්න තොරතුරු ඉදිරිපත් කරනවා.
අවාසනාවකට ප්‍රධාන ධාරාව විසින් උත්සහ කරන්නෙ මේ ගවේශකයන් හොයාගන්න තොරතුරු හා ඔවුන්ගේ මතවාද වාදවිවාද කිරිමකින් තොරව හෝ බැහැර කරලා දාන්න. ප්‍රධාන ධාරාවේ මානව ඉතිහාසයට අභියෝග කරන මතවලට හා සාදක වලට ඔවුන් කිසිම ආකාරයේ ඉඩක් ලබා දෙන්නෙ නෑ. එ නිසා මේ වගේ පුරාවස්තු හා නිර්මාණ හොයා ගත්තාම වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙ නෑ. ඒ වගෙම ඔවුන් එවා කෞතුකාගාර වල ගබඩාකාමර වල දුවිලි බැදෙන්න ඉඩ දිලා පැත්තකට වෙලා ඉන්නවා. නමුත් සුලු වශයෙන් හෝ මේ ගැන සාකඡාකරන වාද විවාද කරන පුද්ගලයන් ලෝකේ පුරාවට ඉන්නවා. ඇත්තම මානව ඉතිහාසය දැන ගන්න අස කරන මේ වගේ පුද්ගලයන්ගේ කැප කිරිම් නිසා තමයි අපිටත් මේ දෙවල් ගැන දැන ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
මේ ග්ලොසල් පුරාවස්තු කියන්නෙත් එ වගෙ පුදුමාකාර සොයාගැනිමක්. වසර 1924ත් 1930ත් යන කාල සීමාව අතරෙදි මැටි පුවරු, ප්‍රතිමා හා විවිදාකාර බදුන් 3000කට අදික ප්‍රමාණයක් ප්‍රංශයේ ග්ලොසල් කියන ප්‍රදේශයෙන් හොයාගෙන තියනවා. මේ හොයාගෙන තියන පුරාවස්තු නියොලිතික් යුගයට යකඩ යුගයට හා මධ්‍යතන යුගයට වැනි විවිදාකාර යුගවලට අයත් පුරාවස්තු. මේ වගේ විවිදාකාර යුගවලට අයත් දියුණු තාක්ෂණයක් යොදාගෙන සුදුකරන ලද නිර්මාන ගැන විවිදාකාර වාද විවාද මතුවෙලා තියනවා. මේ ආකාරයේ විවිදාකාර යුගවලට අයත් පුරාවස්තු හානියක් නොවි වසර දහස් ගණනක් එකම ස්තානයක තිබිම නිසා බොහෝදෙනා මේ නිර්මාණ ව්‍යජ නිර්මාණ කියලා බැහැර කරලා තියනවා. අතීතයේ කෞතුකාගාර පවතින්න දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවතිලා නෑ කියලා ඔවුන් වාද විවාද කරනවා.
නමුත් විවිදාකාර ගවේශකයන් විසින් මේ ග්ලොසල් පුරාවස්තු පරික්ෂා කරලා තියනවා. නමුත් ඔවුන්ගේ මත සනාත කරන්න පුලුවන් කාබන් දින පරික්ෂාවකින් පමණයි කියලා ඔවුනුත් දැනගෙන ඉදලා තියනවා. නමුත් දෙවන ලෝක යුද්ධය නිසා මේ පුරාවස්තු කෞතුකාගාරවල ගබඩාකාමර වල හිරවෙලා ලෝකයට අමතක වෙලා යමින් තිබිලා තියනවා. මේ නිසා ප්‍රධාන ධාරාව විසින් ඒ වෙනකොටත් මේ පුරාවස්තුන් ව්‍යජ එවා විදිහට නම් කරලා අවසන්.
නමුත් වසර 1974 දි කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ පුරාවිද්‍යව පිලිබද මාහාචාර්‍ය ග්ලෙන් ඩැනියෙල් විසින් මේ පුරාවස්තුන් වල සත්‍ය බාවය පරික්ෂා කරලා බලන්න තීරණය කරලා තියනවා. ඔහුට අවශ්‍ය වෙලා තිබුනේ කාබන් දින පරික්ෂා වලින් හා වෝහාර පරික්ෂා වලින් මේ පුරාවස්තු ව්‍යජ එවා කියලා ඔප්පු කරන්න. නමුත් ඔහුත් පුදුමයට පත් කරමින් මේ පුරාවස්තු ඇත්තටම ඉතා පරණ පුරාවස්තු කියලා ඔප්පුවෙලා තියනවා. මේ පරික්ෂණ වාර්තාවලට පින් සිද්ද වෙන්න දෙවන ලෝක යුද්ධය නිසා ගබඩාකාමර වල අමතක වෙමින් තිබුන මේ පුරාවස්තු නැවත වතාවක් අධ්‍යන කටයුතුවලට හා ප්‍රසිද්ධියට පත්වෙන්න පටන් අරන් තියනවා. මේ නිසා මේ පුරාවස්තු වලට නැවතත් ව්‍යජ පුරාවස්තු කියන චෝදනාව එල්ල කරන්න නොහැකි වෙලා තියනවා.
මේ පුරාවස්තු හොයාගත්ත ස්තානය වාද විවාද වලින් තොරව ඉතා වැදගත් ස්තානයක්. ලෝකයේ මේ වගේ තවත් අරුම පුදුම ස්තාන පිහිටලා තියනවා. විවිදාකාර මානව ශිෂ්ටාචාර විසින් නිර්මාණය කරන ලද මේ ස්තාන මගින් පෙන්නුම් කරන්නෙ ඔවුන් අත්පත් කරන් තිබුන තාක්ෂණික දියුණුවයි. මේ වගේ බොහො ස්තාන ගැන ගොඩක් දෙනා දන්නෙ නෑ. දන්න විස්තර වලටත් වඩා සැගවුන තවත් විස්තර තව ගොඩක් මේ ස්තාන ගැන තියනවා. මට ඔනේ ඔයාලට මේ ස්තාන පෙන්නන. ඔයාලට කුතුහලයක් ඇති කරන්න. සමහර විට මේ තොරතුරු ඔයාලා දැන ගන්නෙ පලවෙනි වතාවට වෙන්න පුලුවන්. එතකොට ඔයාලට පුලුවන් මේ ස්තාන් ගැන තවත් තොරතුරු හොයලා බලන්න. මේ ස්තාන ගැන තියන විවිද මතවාද ඇත්තටම පුදුමාකාරයි. මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)