Posts

අස්වාන් ගල් වල | Aswan quarry | පැරණි ඊජිප්තු වැසියන් පාෂාණ මෙලෙක් කලාද? | Egypt Ancient Civilizations

Image
පුදුමාකාර ඒ වගෙම අභිරහස් තොරතුරු හොයාගන්න පුලුවන් තැන් විදිහට, මේ පුරාණ ගල් වැඩ සිද්ද කරපු ස්තාන හා ගල් වලවල් හදුන්වා දෙන්න පුලුවන්. මේ ස්තාන වලින් පහසුවෙන්ම හොයාගන්න පුලුවන් ලක්ෂණ තමයි, යම්කිසි ආකාරයක දියුණු තාක්ෂණික උපකරණ යොදාගෙන මේ පාෂාණ කුට්ටි කාපා වෙන් කරලා තියනවා, හැඩ කරලා තියනවා ඒ වගෙම වෙනත් ස්තාන වලට ප්‍රවාහණය කරලා තියනවා. මේ ගල් නිර්මාණ වල තියන කැපුම් පාරවල් ඒ වගෙම ටුල් මාක්ස් ඇත්තටම පුදුමාකාරයි. ලෝකයේ විවිද ස්තාන වල තියන ගල් නිර්මාණ වල ඒ වගෙම ගල් වලවල් වල මේ ආකාරයේ සාමාන කම් නිරික්ෂණය කරන්න පුලුවන්. මේ සදහා හොදම උදාහරණයක් තමයි ඊජීප්තුවේ තියන අස්වාන් ගල්වල . මේ ස්තානයේ භාගෙට නිර්මාණය කරන ලද විශාල ගල් කණුවක් ඔයාලාට බලාගන්න පුලුවන් බලා ගන්න පුලුවන්. විශාල තනි පාෂාණයකින් මේ ආකාරයට මේ නිර්මාණය සිද්ධ කරලා තියන ආකාරය ඇත්තටම පුදුමාකාරයි නේද? මේ කැපුම් පාරවල් හොදින් නිරික්ෂණය කරලා බලන්න. හරියට නිකන් හැන්දකින් හාරාලා ගත්තා වගේ නේද? මේ විදිහට හාරලා තියන මේ පාෂාණය රෝස් ග්‍රැනයිට් පාෂාණයක්. ඉතා දෘඩ පාෂාණයක්. ඒ වගෙම මේ භාගෙට නිම කරන ලද ගල්කණුව ටොන් 1,200ක් පමණ බරයි. මේ පාෂාණය කපපු අකා...

ප්ලැනිස්ෆියර් මැටි පුවරුව | Planisphere clay tablet වසර 6,000කටත් කලින් සුමේරියන්වරුන්ගේ ආකාශ වස්තු නිරික්ෂණය | Over 6,000 years old Sumerian clay tablets

Image
  K8538 කියන නම යටතේ මේ පුරාවස්තුව බ්‍රතාන්‍ය කෞතුකාගරයේ සුරක්ෂිතාගාරයේ ඉතා දිර්ඝකාලයක් තිබිලා තියනවා. මේ පුරාණ මැටි පුවරුව ප්ලැනිස්ෆියර් ක්ලේ ටැබ්ලට් විදිහට හදුන්වලා තියනවා. පසු කාලීනව පරිවර්තනය කල මේ පුරාණ මැටි පුවරුව මගින් අරුම පුදුම විස්තරයක් කියවෙනවා. මේ මැටි පුවරුවෙන් අපේ ග්‍රහලෝකයට සිද්ද වෙන උල්කාපාත ගැටිමක් ගැන සදහන් කරලා තියනවා. 19නි සියවසෙදි සර් හෙන්රි ලෙයාඩ් විසින් ඉරාකයේ මොසවුල් නුවර පැරණි නිනෙවා නගරයේ තිබුණ පුරාණ අශුර්බනිපාල් පුස්තකාලයේ සිද්ද කරන ලද කැනීම් කටයුතු වලින් මේ මැටිපුවරුව හා තවත් මැටි පුවරු විශාල ප්‍රමාණයක් හොයාගෙන තියනවා. මේ සුමේරියන් මැටි පුවරු ගැන කලින් කොටසකින් කතා කරා ඔයාලට මතකත් ඇති. ඒ කොටස බැලුවෙ නැත්තම් අනිවාර්‍යෙන්ම බලන්න. ඔයාලට තවත් ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න පුලුවන්. ඉතා දිර්ග පරික්ෂණ කටයුතු වලින් පස්සෙ විශේෂඥයන් හොයාගෙන තියනවා මේ මැටි පුවරුවෙන් 50%ක්ම විස්තර කරන්නෙ කාලගුණ බලපෑම් හා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන ග්‍රහලෝකව පිහිටිම් ගැන කියලා. අනිත් 50% විස්තර කරන්නෙ මේ මැටි පුවරුව නිර්මාණය කරන ලද පුද්ගලයා විසින් නිරික්ෂණය කරන ලද අභ්‍යවකාශයේ ගමන්...

ට්‍රයිලෝබ් ඩිස්ක් එක | Trilobe disk | In Cairo Museum Egypt

Image
ඊජිප්තුවේ කයිරෝවල තියන කෞතුගාරයේ පුදුම හිතෙන පුරාවස්තු තියනවා. මේ විදිහට තියන පුරාවස්තු අතර පැරණි ඊජිප්තු මමී තැම්පත් කරලා තියන ස්තානයට ආසන්නයෙන් මේ වගෙම අරුම පුදුම අත්භූත පුරාවස්තුවක් කුඩා කැබිනෙට්ටුවක් ඇතුලේ තැම්පත් කරලා තියනවා. ඩිස්ක් එකක හැඩයට නිර්මාණය කරලා තියන මේ අත්භූත වස්තුව ෂිස්ට් කියන බිදෙන සුලු පාෂාණයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ අත්භූත පුරාවස්තුව " ට්‍රයිලෝබ්ඩ් ඩිස්ක් " කියලා හදුන්වනවා. ලොකයේ පුරා ඉදලා ආව පුරාවිද්‍යඥයකන් හා විශේෂඥයන් මේ පුරාවස්තුව අධ්‍යනය කරලා තියනවා. නමුත් මේ වස්තුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඔවුන්ට බැරිවෙලා තියනවා. විශේෂයෙන්ම ඊජිප්තුවේ ඉන්න පුරාවිද්‍ය විශේෂඥයන් මේ පුරාවස්තුව පිලිබදව පුලුල් අධ්‍යන කටයුතු සිද්ද කරලා තියනවා. විශේෂම කාරණය තමයි මේ අත්භූත වස්තුව අවුරුදු 5,000ක් පරණයි කියලා විශ්වාස කරනවා. මේ අරුම පුදුම පුරාවස්තුව හොයාගත්ත පුද්ගලයත් ඉතා වැදගත් පුද්ගලයෙක්. වොල්ටර් බ්‍රයන් එමරි කියන්නේ විසිවෙනි සියවසේ ඊජිප්තු පුරාවිද්‍යව පිලිබදව ඉතා වැදගත් දැනුමක් තිබුන ඒ වගෙම සොයාගැනිම් කල විශේෂඥයෙක් විදිහට හදුන්වන පුද්ගලයෙක්. ඒ වගෙම නූතන ක...

යක්චාල් නිර්මාණ | Yakhchal Ancient Refrigerators | පැරණි මුතුන් මිත්තන් භාවිතා කල ශීතකරණ | Iran Desert

Image
පර්සියාවේ කාන්තාර වල නිර්මාණය කරලා තියන මේ යක්චාල් කියන පුරාණ නිර්මාණත් ඇත්තටම පුදුමාකාරයි. මේ නිර්මාණ ගැනත් ඔයාලා සමහර විට මිට කලින් දැන ගෙන ඉන්න නැතුව ඇති. එකට හෙතුව ප්‍රධාන ධාරාව විසින් මේ පෞරාණික නිර්මාණ වලට වැඩි වටිනා කමක් ලබා දිලා නැති නිසා. ඒ වගෙම වැඩි දුර අධ්‍යන කටයුතු සිද්ද කරලා නැති නිසා. මේ යක්චාල් නිර්මාණ විවිද ප්‍රමාණ වල විවිද හැඩ වලට නිර්මාණය කරලා තියනවා. බහුලවම දකින්න පුලුවන් හැඩයක් තමයි මේ දාගැබක් ආකාරයට නිර්මාණය කරලා තියන හැඩය. මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ ක්‍රි.පු 4වෙනි සියවසේදි. මේ පුදුමාකාර නිර්මාණ අතීතයේ ශීතකරන විදිහට යොදාගෙන තියනවා. මේ නිර්මාණ වලින් අයිස් හා සීතල තත්ව නිර්මාණය කිරිමට අමතරව රස්නේ කාල වලදි ආහාර කල්තබා ගන්නත් යොදාගෙන තියනවා. මේ නිර්මාණවල තියන දගරාකාර හැඩවලින්, සුලං අල්ලා කුලුණු මගින් ඒවගෙම සුලං ගමන් කිරිම සදහා නිර්මාණය කරන ලද සිදුරු වලින්, නිරන්තරයෙන්ම මේ නිර්මාණයේ පොලව යට තියන කොටසට හුලං සංසරණය වෙනවා. මේ සංසරණය වෙන හුලං ජලය ගබඩා කරලා තියන කොටස හරහා ගමන් කරද්දි සිසිල් වෙනවා. ඒ වගෙම ජලවාෂ්ප නිර්මාණය වෙනවා. මේ නිසා විශේෂයෙන්ම රාත්...

මරාස් | salt mines of Maras | පැරණි ශිෂ්ටාචාර ලුණු නිෂ්පාදනය කරගත් ස්තානයක් | An Ancient Salt Mine In South America

Image
මේ මාරාස් කියන ස්තානයෙන් ලුණු නිශ්පාදනය සදහා නිර්මාණය කරන ලද තාටාක එහෙම නැත්තම් පොකුණු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුලුවන්. කොයිතරම් ලස්සන දර්ශණයක්ද කියලා ඔයාලට පෙනවා ඇති. ඈත අතීතයේ ඉදලා පැවතගෙන මේ ලුණු පොකුණු නූතන කාලයේ මේ ප්‍රදේශයේ ජිවත් වෙන ජනතාවත් ප්‍රයෝජනයට ගන්නවා.  මේ ස්තානය හරහා ගලා බහින කුඩා ඇල මාර්ගයක් මගින් ලවණ සහිත ජලය මේ පොකුණු වලට පිරෙන්න සලස්වනවා. මේ ස්තානය ඉන්කාවරුන්ට කලින් ජීවත් උන ශිෂ්ටාචාර භාවිතා කරලා තියනවා කියලා සාදක හොයාගෙන තියනවා. ඔවුන් හදුනාගෙන තියනවා ලවණ මිශ්‍ර මේ ජලය මේ පොකුණු වලට පිරෙන්න ඉඩහැරලා අව්වට නිරාවරණය වෙන්න තිබ්බාම දවස් කිහිපයක් ගතවෙද්දි ජලය වාෂ්ප වෙලා මේ පොකුණු වල ලුණු මිදෙනවා කියලා. ඉන්කාවරු මේ ක්‍රමය භාවිතා කරලා තියනවා ඔවුන්ට අවශ්‍ය ලුණු ලබා ගන්න. ඔවුන්ගේ දෛනික කටයුතු වලට වගෙම ආගමික චාරිත්‍ර වලටත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඒ වගෙම ඔවුන්ගේ බෝග වලට පොහොරක් වශයෙනුත් මේ ලුණු භාවිතා කරලා තියනවා. ඔවුන්ගේ රෙදි හෝදන්නත් ලුණු යොදාගෙන තියනවා. ඉන්කාවරු විශ්වාස කරලා තියනවා ලුණු වලට නපුරු බලවේග පලවාහැරිමේ හැකියාවක් තියනවා කියලා. ඉන්කාවරු මේ ස්තානයෙන් ලබා ...

මොරේ | Moray Peru පුරාණ ශිෂ්ටාචාරයක කෘෂි පර්යේෂණාගාරය | Ancient Agriculture In South America

Image
පැරණි ශිෂ්ටාචාර ගැන ප්‍රධාන ධාරාව සතුව තියෙන්නෙ ප්‍රාතමික අදහසක්. විවිදාකාර නිර්මාණ මගින් මේ ශිෂ්ටචාරවල දියුණු තාක්ෂණික දැනුම ලෝකෙට කියා පානවා. නමුත් ප්‍රධාන ධාරාව මේ පිලිබදව ඒ තරම් උනන්දුවක් දක්වන්නෙ නෑ. නමුත් නූතන කාලයේ ස්වාදින ගවේශකයන් හා විශේෂඥයන් විසින් සිද්ද කරන ලද අධ්‍යන කටයුතු වලින් මේ වගෙ ගැන ඉතා වැදගත් තොරතුරු රාශියක් හොයාගෙන තියනවා. මොරේ කියන්නෙ මේ සදහා හොදම උදාහරණයක්. මේ ඓතිහාසික නිර්මාණයෙන් මේ අතීත මානව ශිෂ්ටාචරව වලට කොතරම් ඉහල දැනුමක් තිබුනද ප්‍රදර්ශනය කරනවා. මේ පඩිපෙල් ආකාර නිර්මාණ ඔලන්ටෙටොම්බො වලත් දැක ගන්න පුලුවන්. කාට හරි හිතෙන්න පුලුවන් මොනවද මේ විශාල පඩිපෙල් කියලා. යොදයන් විසින් නිර්මාණය කරපු පඩි පෙල්ද කියලා. මොරේ කියන්නෙ වෘත්තාකාර පඩි ආකාරයට සිද්ද කරන ලද නිර්මාණයක්.  මේ ස්තානය යොදාගෙන තියෙන්නෙ විවිද ආකාරයේ භෝග වර්ග නිරික්ෂණය කරන්න. හරියට කෘෂි පර්යේෂණාගාරයක් වගේ. නමුත් මේ නිර්මාණ වලින් ඉෂ්ට කරපු කාර්ය දැන ගත්තාම ඇත්තටම පුදුම හිතෙනවා. මේ ආකාරයේ විශාල පඩිපෙල් නිර්මාණය කරලා තියෙන්නෙ, ශාක වර්ග විවිද පරිසර තත්ව වලට හුරු කරවන්න. සමහර ශාකවල පලදාව උන්නතාංශය එහෙම නැත්...