යක්චාල් නිර්මාණ | Yakhchal Ancient Refrigerators | පැරණි මුතුන් මිත්තන් භාවිතා කල ශීතකරණ | Iran Desert

පර්සියාවේ කාන්තාර වල නිර්මාණය කරලා තියන මේ යක්චාල් කියන පුරාණ නිර්මාණත් ඇත්තටම පුදුමාකාරයි. මේ නිර්මාණ ගැනත් ඔයාලා සමහර විට මිට කලින් දැන ගෙන ඉන්න නැතුව ඇති. එකට හෙතුව ප්‍රධාන ධාරාව විසින් මේ පෞරාණික නිර්මාණ වලට වැඩි වටිනා කමක් ලබා දිලා නැති නිසා. ඒ වගෙම වැඩි දුර අධ්‍යන කටයුතු සිද්ද කරලා නැති නිසා.
මේ යක්චාල් නිර්මාණ විවිද ප්‍රමාණ වල විවිද හැඩ වලට නිර්මාණය කරලා තියනවා. බහුලවම දකින්න පුලුවන් හැඩයක් තමයි මේ දාගැබක් ආකාරයට නිර්මාණය කරලා තියන හැඩය. මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ ක්‍රි.පු 4වෙනි සියවසේදි. මේ පුදුමාකාර නිර්මාණ අතීතයේ ශීතකරන විදිහට යොදාගෙන තියනවා. මේ නිර්මාණ වලින් අයිස් හා සීතල තත්ව නිර්මාණය කිරිමට අමතරව රස්නේ කාල වලදි ආහාර කල්තබා ගන්නත් යොදාගෙන තියනවා.
මේ නිර්මාණවල තියන දගරාකාර හැඩවලින්, සුලං අල්ලා කුලුණු මගින් ඒවගෙම සුලං ගමන් කිරිම සදහා නිර්මාණය කරන ලද සිදුරු වලින්, නිරන්තරයෙන්ම මේ නිර්මාණයේ පොලව යට තියන කොටසට හුලං සංසරණය වෙනවා. මේ සංසරණය වෙන හුලං ජලය ගබඩා කරලා තියන කොටස හරහා ගමන් කරද්දි සිසිල් වෙනවා. ඒ වගෙම ජලවාෂ්ප නිර්මාණය වෙනවා.
මේ නිසා විශේෂයෙන්ම රාත්‍රි කාලයට මේ කාන්තාර ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා පහල මට්ටමකට පැමිණෙන නිසා, මේ නිර්මානයේ පොලව යට තියන කොටසේ අයිස් නිර්මාණය වෙනවා. ඒ වගෙම ඒ නිර්මාණය වෙන අයිස්, දහවල් කාලයේ දිය නොවි පවතිනවා මේ සිසිල් කරන ක්‍රියාවලිය නිසා. මේ ආකාරයට ඉතා දිර්ග කාලයක් අයිස් රදවා පවත්වා ගන්න පුලුවන්.
නමුත් අතීතයේ මේ කාන්තාර ප්‍රදේශ වල ජිවත් උන මේ පැරණි ශිෂ්ටාචාර ආහාර ශීතකරණය මගින් කල්තබා ගන්න පුරුදු වෙලා තියනවා. ඔවුන් කොහොමද මේ නිර්මාණ සිද්ද කරන්න දැනගෙන ඉදලා තියෙන්නෙ? ඔවුන්ට කොහොමද මේ දැනුම ලැබිලා තියෙන්නෙ? ඔවුන් ස්වභාව ධර්මයත් සමග මානාව අනුබද්දව ජිවත් වෙලා තියනවා. ක්‍රි.පු 400දි නිර්මාණය කරන ලද මේ යක්චාල් ශිතකරණ සමහර ජන කොටස් තවමත් භාවිතා කරනවා. ඇත්තටම මේ නිර්මාණ පුදුමාකාරයි නේද? මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments

Popular posts from this blog

අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)