අපූරු ස්ථාන කිහිපයක් | Petra, Hegra (Mada'in Salih)

මේ වගෙ ඓතිහාසික ස්තාන ලෝකය පුරාවට තියනවා. සමහර ස්තාන කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින් තියනවා. සමහර ස්තාන මුහුද යටත් තියනවා. ඔයලාට මතක ඇති මුහුද යට තියන ඓතිහාසික ස්තාන ගැනත් අපි කාතා කරා. සමහර නිර්මාන කාලයේ වැලි තාලවට යට නොවි අපි නොහිතන ස්තාන වල තියනවා. හරියට, මේ කාන්තාර වල තියන විශාල නිර්මාණ වගේ. මේ ස්තාන ගැන ඔයලා අහල තියනවද? එහෙම නැත්තම් දැකලා තියනවද?
මේකට හොදම උදාහරණය තමයි ජොර්දානයේ කාන්තාරයක පිහිටලා තියන මේ නැතිවුන පෙට්ට්‍රා නගරය. මේ නිර්මාණය සිද්ද කරලා තියෙන්නෙ කන්දක් ඇතුලට හාරලා. මේ නිර්මාණය අඩි 150කට වඩා උසට නිර්මාණය කරලා තියනවා. මේ නිර්මාණය මිනිස්සු එක්ක සංසන්දනය කරලා බලන්න. මේ දොරටුව විශාල ලෙස නිර්මාණය කරලා තියන ආකාරය දිහා බලන්න. ඇත්තටම පුදුමාකාරයි. බලන්න මේ නිර්මාණය උඩ හිටගෙන ඉන්න පුද්ගලයා එක්ක මේ නිර්මාණය සංසන්දනය කරලා.
තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේ නිර්මාණය සිද්ද කරපු අය විසින්, ඉරානයේ හා සෞදි ආරාබියෙත් මේ වගේ නිර්මාණ සිද්ද කරලා තියනවා. සෞදි ආරාබියෙ දුෂ්කර කාන්තාරයක සිද්ද කරලා තියන මේ නිර්මාණය දිහා බලන්න. ඇත්තටම පුදුම හිතෙනවා නේද? මේ නිර්මාණය පිහිටලා තියෙන්නෙ ජොර්දානයේ තියන නැතිඋන පෙට්ට්‍රා නගරයට කිලෝමීටර 500ක් ඈතින්. ඔයාලා මීට කලින් සෞදි ආරාබියේ තියන මේ වගෙ ඓතිහාසික ස්තාන ගැන අහල තියනවද? මමත් මුලින්ම මේ ස්තාන දිහා දැක්කාම පුදුම උනා. ඇයි මීට කලින් මේ ස්තාන ගැන අපිට දැන ගන්න ලැබිලා නැත්තේ? ඉතින් සෞදි ආරාබියට ගියොත් කාන්තාර විතරක් නෙමෙයි මේ වගේ ඓතිහාසික ස්තානත් අපිට බලාගන්න පුලුවන්.
එකම පිරිසක් විසින් මේ වගෙම තාක්ෂණයක් භාවිතා කරලා මේ හා සමාන නිර්මාණ, වෙනත් ස්තාන වලත් කරලා තියනවා කියලා මම කලින් කිව්වා. මේ ඔයාලා දකින්නෙ ඉරානයේ තියන නිර්මාණ. මේ ස්තාන ගැනත් ඔයාලා කලින් අහල තියනවද? එහෙම නැත්තම් දැකලා තියනවද? පෙට්‍ට්‍රා වල ඉදලා මේ ස්තානයට හැතැප්ම දහසකටත් වඩා දුරයි. ආසන්න වශයෙන් කිලෝමීටර 1600කට වඩා දුරයි. ඒ වගෙම මේ ස්තානයේ ඉදලා සෞදි ආරාබියේ තියන නිර්මාණ වලට හැතැප්ම 900කට වඩා දුරයි. එහෙම නැත්තම් ආසන්න වශයෙන් කිලෝමීටර 1500කට වඩා දුරයි.
මේ ස්තාන අතර තියන දුර වගෙම, නිර්මාණය කරලා තියන ආකාරය දිහා බැලුවම තෙරෙන දෙයක් තමයි, ඉතා පුලුල් ලෙස ව්‍යප්ත උන, ඒ වගෙම එකිනෙකා අතර සන්නීවේදනය සිද්ද උන, ඉතා දියුණු තාක්ෂණයක් තිබුන ශිෂ්ටාචාරයක් තිබිලා තියනවා කියන එක. නමුත් අවාසනාවට මේ ස්තාන නිර්මාණය කරපු අය ගැන ඒ වගෙම මොකටද නිර්මාණය කරේ කියලා දැනගන්න නම්, ඉතා සුලු සාධක කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඇත්තටම කවුරුවත් තාම හරියටම දන්නෙ නෑ කවුරුන් විසින්, කුමන කාලයක මේ ස්තාන මොන වගේ තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය කරාද කියලා. නමුත් ප්‍රධාන ධාරාවේ විශේෂඥයන් නම් කියන්නෙ, මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ නැබටියන්වරු විසින් කියලා. මේ නැබටියන්වරු සංචාරක වෙලෙන්දන් විදිහට තමයි ඉතිහාසයේ සදහන් වෙන්නෙ. ප්‍රධාන ධාරාව විශ්වාස කරන විදිහට පෙට්ට්‍රාවල , සෞදි ආරාබියේ ඒ වගෙම ඉරානයේ තියන මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ මේ නැබටියන්වරු විසින්. ඒ වගෙම ඔවුන් කියනවා මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ සොහොන් ගෙවල් විදිහට හරි වැදුම් පිදුම් කරන ස්තාන විදිහට හරි පරිහරණය කරන්න කියලා. නමුත් මේ නැබටියන්වරු මේ නිර්මාණ සිද්ද කරා කියන්න කිසිම සාධකයක් හොයාගෙන නෑ. ප්‍රධාන ධාරාවෙ පිරිස් පිලිගන්න කැමති නෑ ඇත්තටම මේ නිර්මාණ කවුරුන් විසින්, කුමණ කාලයක නිර්මාණය කරාද කියලා ඔවුන් දන්නෙ නෑ කියලා. ඉතින් මේ නිසා විවිද වාද විවාද හා මත භේද මේ සම්බන්දයෙන් ඇතිවෙලා තියනවා. පුදුම හිතෙන කාරණය තමයි ඉතා සුලු පිරිසක් විතරක් දන්න, පුදුමාකාර නිර්මාණ සහිත ස්තාන ලෝකයේ තියනවා. මේ ස්තාන පොලව යට වැලලිලා ගිහින් නෑ ඒ වගෙම මුහුදට යට වෙලාත් නෑ. නමුත් කවුරුත් හිතන්නෙ නැති කාන්තාර වගේ ස්තාන වල පිහිටලා තියනවා. ඇත්තට මේ නිර්මාණ පුදුමාකාරයි. මේ නිර්මාණ වලින් අපිට පෙන්නලා දෙන්නෙ අතීතයේ පැවතුන ඉතා දියුණු තාක්ෂණයක් තිබුන ශිෂ්ටාචාරයක විස්කම්. ඒ වගෙම මතක් කරන්න ඔනේ සෞදි ආරාබියේ බලදාරින් මේ ස්තාන වල ආරාක්ෂාව සදහා මේ ස්තාන ගැන තොරතුරු කිසිවක් ඔවුන්ගේ රට වැසියන්ට හරි පිටස්තරයන්ට හරි ලබා දිලා නෑ. මෑතැක් වෙනකම්ම මේ ස්තාන රහසක් විදිහට පවත්වාගෙන ගිහින් තියනවා. කිසිම කෙනෙකුට නැරබන්න යන්න අවසර ලබා දීලා නෑ. මේ නිසා මේ ස්තාන හොදින් ආරක්ෂා වෙලා තියනවා. මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න Video Click here

Comments