අල් නස්ලා පර්වතය | Al Naslaa
කුතුහලය අවුස්සන තවත් අරුම පුදුම ස්තායක් තමයි සෞදි ආරාබියේ කාන්තාරයක පිහිටලා තියන මේ අල් නස්ලා පර්වතය. කාන්තාරයේ කිව්වාට ටමියා ක්ෂේම භූමියට ආසන්නයෙන් තමයි මේ අල් නස්ලා පර්වතය පිහිටලා තියෙන්නෙ.මේ පර්වතය මගින් අපිට පෙන්නලා දෙන්නෙ මම මුලින් කිව්ව සෞදි ආරාබියේම පිහිටලා තියන මඩයින් සලා නිර්මාණය සිද්ද කරන්න යොදා ගත්ත දියුණු තාක්ෂණික උපකරණ වල භාවිතය ගැන සාදකද? මේ ස්තානය වසර 1883 දි චාල්ස් හූවර් විසින් තමයි හොයා ගෙන තියෙන්නෙ. හොදින් බලන්න මේ නිර්මාණය දිහා.
යම් කිසි තාක්ෂණයක් යොදාගෙන මේ පර්වතය දෙකට වෙන් කරලා තියන ආකාරය බලන්න. ඒ විතරක් නෙමෙයි කුඩා පාදම් දෙකක සමබර කරලා පිහිටවලා තියන ආකාරය බලන්න. ස්වාභාවික හෙතුවක් නිසා මේ ආකාරයට ඍජුව එකාකාරි හැඩයකට මේ පර්වතය දෙකට වෙන් වෙන්න පුලුවන් ද?
මේ ස්තානය ගැන ප්‍රධාන ධාරාව විසින් පුලුල් අධ්‍යනයක් සිද්ද කරලා නෑ. ඔවුන් සදහන් කරන්නෙ මේ ස්තානය ස්වාභාවික පිහිටිමක් කියලා. මේ ගැන තොරතුරු විකි පිඩීයා එකෙත් සදහන් වෙලා තියෙන්නෙ ඉතා සුලු ප්‍රමාණයක්.
බලන්න මේ ඉතා දෘඩ පාෂාණය සිරස් ආකාරයට වෙන් වෙලා තියන ආකාරය. මේ පර්වතය මැදින්ම වෙන් වෙලා තියනවා. ඒ වගෙම පාදම් දෙකක් උඩ සමබර වෙලා තියනවා. මේක අහඹු ස්වාභාවික සිදුවිමක් වෙන්න පුලුවන්ද? වසර දහස් ගනනාවක් මේ ආකාරයට කොහොමද මේ පර්වතය පිහිටලා තිබිලා තියෙන්නෙ?
තවත් පුදුමාකාර තොරතුරක් තමයි වසර 2010දි සෞදි ජාතික ඓතිහාසික ස්තාන හා සංචාරක කොමිසම විසින් නිවෙදනයක් නිකුත් කරනවා ටෙමා වලට ආසන්නයෙන් හොයා ගන්නා ලද විශාල පර්වතයක් පිලිබදව. මේ පර්වතයේ තුන්වන රැම්සිස් ගේ යුගයට අයත් හයිරොගිලිෆ් සටහන් වෙලා තිබිලා තියනවා.
මේ නිසා ගවේශකයන් විශ්වාස කරනවා ටෙමා කියන්නෙ රතු මුහුදෙ අරාබි තුඩුවෙ වෙරල තීරය හා නයිල් නිම්නය අතර පිහිටලා තියන ගමන් මාර්ගයක ඉතා වැදගත් මං සලකුනක් කියලා.
අල් නස්ලා හා මඩයන් සලා නිර්මාණය කරලා තියෙන්නෙත් මේ ටෙමා නිර්මාණය කරන ලද පුද්ගලයන් විසින්මද? ඒ වගෙම ගීසා පිරමීඩ නිර්මාණත්?
පුරාවිද්‍යඥයන් විසින් මේ ස්තානයෙන් කුනෙයි අක්ෂර වලින් නිර්මාණය කරන ලද ශිලා ලේඛනත් හොයාගෙන තියනවා. ඔවුන් අනුමාන කරනවා මේ ශීලා ලේඛන ක්‍රි.පූ හයවෙනි සියවසට අයත් ජනප්‍රවාද වල සදහන් ඔයසිස් සිටි කියන ශිෂ්ටාචාරයට අයිති කියලා. මේ ඔයසිස් සිටි කියන ශිෂ්ටාචාරය ගැන පැරණි ඇස්තමෙන්තුවෙත් සදහන් වෙනවා.
පැරණි ඇස්තමෙන්තුවෙ සදහන් වෙන ආකාරයට ඔවුන් ඉතා දියුණු තාක්ෂණයක් තිබුන ශීෂ්ටාචාරයක්. සංකීර්ණ ගොඩනැගිලි හා ජලය සම්බන්දව ඉතා දියුණු තාක්ෂණයක් ඔවුන්ට තිබිලා තියනවා.
මේ ඔයසිස් සිටි කියලා හදුන්වන නගරය පැරණි ඇසිරියන් ලේඛන වල ටියමෙට් ලෙස සදහන් වෙලා තියනවා. මේ ඇසිරියන් ලේඛන ක්‍රි.පූ අටවෙනි සියවසේදි නිර්මාණය කරන ලද ලේඛන සටහන් විදිහට සැලකෙනවා.
ඉතින් මේ ටෙමයා නිර්මාණ සිද්ද කරන ලද අභිරහස් දියුණු ශිෂ්ටාචාරය විසින් මේ අල් නස්ලා නිර්මානය සිද්ද කරාද? මොන වගේ දියුණු තාක්ෂණයක් මේ සදහා යොදා ගන්න ඇත්ද? ඇත්තටම ඔවුන්ට මොකක්ද උනේ? මේ තරම් දියුණු තාක්ෂණයක් තිබුණ ශිෂ්ටාචාරයක් කොහොමද මේ ආකාරයට අභිරස් විදිහට අතුරුදහන් වෙලා තියෙන්නෙ?
මීට සම්බන්ද භෞතික youtube චැනලයේ විඩියොව නරබන්න
Video Click here




Comments
Post a Comment